ණය වීමේ සීමාව ඉහළට
මෙම වසරේ රාජ්‍ය ණය ලබාගැනීමේ සීමාව තවත් රුපියල් බිලියන 663 කින් ඉහළ නැංවීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.