(නිමල කොඩිතුවක්කු)
ගෑස් මිල අඩු කළත් බේකරි නිෂ්පාදන වල මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.
බේකරි නිෂ්පාදකයන්ගෙන් 75% ක් පමණ ඩීසල්, දර සහ විදුලිය භාවිතා කිරීම මෙයට හේතු වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.
ඩොලරයේ අගය පහත වැටීමට සාපේක්ෂව තිරිගු පිටි, මගරින්, ඊස්ට් සහ බිත්තර මිල ආදිය අඩු වුවහොත් පමණක් ඉදිරියේදී ජනතාවට සහනයක් ලබාදීමට හැකියාව පවතින බවත් ඔහු සඳහන් කළේය.
ඩොලරයේ අගය ඉහළ යන බව පවසමින් තිරිඟු පිටි ඇතුලු ද්‍රව්‍ය මිළ ඉහළ දැමු ආකාරයටම ඩොලරයේ අගය පහළ යනවිටද ඒවායේ මිල අඩු කරන්නැයි එම සමාගම්වලින් ඉල්ලීමක් කරන බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ධන මිල බහිනකොට කියනවා අපි පාවිච්චියට ගන්නෙ ගෑස් කියලා ගෑස් අඩුවෙනකොට කියනවා ඩීසල් කියලා බක්කරේලා සියයට 75 එහෙම වුනාට 25 ක් එහෙම නැහැ ඉතින් ඒ සියයට 25 ට අඩුකරන්න පුළුවන් නේද ඔහොම කලාම සියයට විසිපහක පිරිසක් අධික ලාභයක් ගන්නවා කියලා පේනවා කන්න ඕන වුනාම කබරගොයා තලගොයා වෙනවා කියන්නෙ ඕකට තමයි උන්නැහේ
ලංකාවේ නැග්ගොත් බහින්නේ අහවල් එක විතරද මන්දා.....
මුන්ට ගෑස් අඩු කලොත් විඩුලියෙන් උයනව, විදුලිය අඩු කලොත් ගෑස් වලින් උයනව, ඔය දෙකම අඩු කලොත් දර වලින් උයනව, ඔක්කොම අඩු කලොත් මුන්ගෙ අත පය දාල තමා පාන් පුච්චන්නෙ..