(ෂේන් සෙනෙවිරත්න)

වත්තේගම බාලිකා විදුහලේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ක්‍රියාත්මක වෙමින් තිබියදී එහි විභාග නිරීක්ෂකයකු ලෙස කටයුතු කළ පාසල් ගුරුවරයකු විභාගය ආරම්භවීමට සුළු මොහොතකට පෙර එක්වරම අසනීප වීමෙන් අනතුරුව වත්තේගම රෝල්ට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගිය බව පොලිසිය කියයි.

එසේ මියගොස් ඇත්තේ කේ. ජේ. සිල්වා නැමැති 48 හැවිරිදි කටුගස්තොට ප්‍රදේශයේ පාසලක සේවය කරන ගුරුවරයකු බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියයි .

මෙම ගුරුවරයාට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මිය යන්නට ඇතැයි පොලීසිය සැක කරයි .