(ෂේන් සෙනෙවිරත්න)
වත්තේගම බාලිකා විදුහලේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ක්‍රියාත්මක වෙමින් තිබියදී එහි විභාග නිරීක්ෂකයකු ලෙස කටයුතු කළ පාසල් ගුරුවරයකු විභාගය ආරම්භවීමට සුළු මොහොතකට පෙර එක්වරම අසනීප වීමෙන් අනතුරුව වත්තේගම රෝල්ට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගිය බව පොලිසිය කියයි.
එසේ මියගොස් ඇත්තේ කේ. ජේ. සිල්වා නැමැති 48 හැවිරිදි කටුගස්තොට ප්‍රදේශයේ පාසලක සේවය කරන ගුරුවරයකු බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියයි .
මෙම ගුරුවරයාට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මිය යන්නට ඇතැයි පොලීසිය සැක කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන්සැප ලැබේවා .ඔහුට 48යි පන නම් තණ අග පිනිබිදු වැන්නේ කියලා කියන්න පුළුවන් ඒත් ලංකාවෙ සමහරක් දේශපාලුවො 75ක් පැනලත් දෙපසින් සිටින දෙදෙනෙකුගේ වාරුවෙන් අමාරුවෙන් යන්නෙ කොහොමද තව ටිකක් රටේ සම්පත් සූරා ගන්නෙ කියලා හිතාගෙන වෙන්න පුළුවන්
රාජකාරියේ යෙදී සිටියදී නිසා ඔහුට හිමිකම් තියෙන සියල්ලම නොපමාව ලබාදීමට බලධාරීන්ට නුවණැස පහළවේවා..!