
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බල මණ්ඩලය කොළඹ පවත්වන ලද විරෝධතාවයේදී සිසුන්ගේ පහරකෑමට ලක්වූ පොලිස් බුද්ධි අංශය රාජකාරි කරන කොස්තාපල්වරයකු ඇතුළු කොස්තාපල්වරුන් තිදෙනකු තුවාල ලබා පොලිස් රෝහලට ඇතුළත් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
නාරාහේන්පිට පොලිස් රෝහලේ කොස්තාපල්වරුන් දෙදෙනකු මේ වන විට ප්‍රතිකාර ලබන අතර මින් එක් කොස්තාපල්වරයකු ගේ දතක් කැඩි ගොස් ඇතැයි පොලීසිය කියයි.
නාරහෙන්පිට පොලිසියේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රහාරයට ලක්වී තුවාල ලැබූ එක් කොස්තාපල්වරයකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.
ජාතික රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ මිරිහාන මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකු බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්වවිද්‍යාල පද්ධතිය ම විනාශ කළ අන්තරේ නම් කාලකන්නි රැළ මෙහෙයවීමට ඕනෑම රජයක් පොල්ලක් අතට ගත්තේ යැයි දොස් නැගීමට සාමාන්‍ය ජනතාව උත්සුක නොවනු ඇත.
පොලිසියෙන් ගුටිකෑව ශිෂ්‍යයන් කී දෙනෙක් රෝහල්වල ද කියලා හොයලා බැලුවා ද? නෑ නේද?
අන්තරේ කී දෙනෙක් ඉස්පිරිතාලෙද කියලා උසස් පොලිස් නිලධාරියා කිව්වේ නැද්ද?