
(ඉන්දිකා රාමනායක)
අහපත් කාලගුණය හේතුවෙන් ගැඹුරු මුහුදේ පෙරළුනු “ ලූ පෙන් යුවාන් යූ 028” චීන ධීවර යාත්‍රාවේ ධීවරයන් ගලවා ගැනීමේ කිමිදුම් මෙහෙයුමට සහභාගි වු නාවික හමුදා සමාජිකයන් නව දෙනාට චීන රජයේ උපහාර පිරිනැමීය.
මෙම උත්සවය ශ්‍රි ලංකාවේ චීන තනාපති කී ෂෙන්හොං මහතා ,ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.
ගැඹුරු මුහුදේ දී ඉකුත් (16) දින අපදාවට පත් චීන ධීවර යාත්‍රාව සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා පෙරළුණු යාත්‍රාව වෙත ළඟාවූ විජයබාහු නෞකාවේ කිමිදුම් කණ්ඩායම ආපදාවට පත් ධීවර යාත්‍රාවේ ඇතුළත සිටි කාර්යය මණ්ඩලය මුදවා ගැනීම සඳහා කිමිදුම් මෙහෙයුමක් සිදු කළේය.
එම මුහුදු ප්‍රදේශයේ පැවති රළු ස්වභාවය මධ්‍යයේ දින තුනක් පුරා ඉතා අසීරු කිමිදුම් කටයුතුවල යෙදෙමින මැදිරි තුළ නරක් වූ මළසිරුරු දොළහක් හඳුනා ගැනීමටත් නාවික හමුදා කිමිදුම් කණ්ඩායමසමත් වූහ.
මෙම කිමිදුම් මෙහෙයුම අවසන් කර පැය 24 ක් ඇතුළත ආපදාවට පත් යාත්‍රාව සම්පූර්ණයෙන් මුහුදේ ගීලී ගොස් ඇති අතර, එවැනි ඉතාමත් අවදානම් සහගත අවස්ථාක ජීවිත අවදානම ද නොතකා ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ සුවිශේෂි මෙහෙයුම ජ්‍යාත්‍යාන්තරයේ විශේෂ ඇගයීමකට ලක් විය.


0

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල් විතරද දුන්නේ..? සල්ලි කීයක් වත් දුන්නේ නැද්ද?
බන්දුල ගුණවර්ධන මොන මගුලකටද මෙතෙන්ට ගියේ?.
බන්දුලයත් කිමිදිලාද ?
ජාතියක් ලෙස අප ආඩම්බරයි ඔබ ගැන
වැඩේ නම් හොදයි.ඒත් ඔය බන්දුල ගුනවර්දන වගේ අපතයොන්ට ඇයි ආරාධනා කලේ.