(නිමන්ති රණසිංහ)
පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් හෙට (08) රාජගිරිය මැතිවරණ කාර්යාලය ඉදිරිපිට සංවිධානය කරනු ලබන විරෝධතාවට අදාළව මාර්ග කිහිපයක උද්ඝෝෂණය කිරීම පමණක් වලක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (07) එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26 දෙනකුට එරෙහිව නියෝගයක් නිකුත් කළේය.
අධිකරණය විසින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 (01) වගන්තිය ප්‍රකාරව මෙම නියෝගය නිකුත් කරනු ලැබ ඇත්තේ, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, එම පක්ෂයේ සාමාජිකයන් වන විජිත හේරත්, ලාල් කාන්ත, ටිල්වින් සිල්වා, සුනිල් හදුන්නෙත්ති, වසන්ත සමරසිංහ ඇතුළු 26 දෙනකුට එරෙහිවය.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මාර්ගය, කොටා පාර, නාවල පාර ඔස්සේ සරණ පාර සහ මැතිවරණ කාර්යාලයේ ප්‍රවේශ මාර්ගයන් හි උද්ඝෝෂණය කිරීම තහනම් කරමින් මෙම අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.
වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති පාර්ශ්වයන් සිදුකිරීමට නියමිත උද්ඝෝෂණය හේතුවෙන් අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන පාසල් සදහා අවහිරයක් මෙන්ම මහජන පීඩාවක් සිදුවන බවට සදහන් කරමින් වැලිකඩ පොලීසිය මෙම ඉල්ලීම අධිකරණයෙන් ඉල්ලා තිබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අර ජෝශප් ස්ටාලින් උත්තමය මේ දචස්වල දකින්න නැත්තෙ ඇයි. එතුමා අධ්‍යාපනයෙ පරිහානියට කරපු සේවය පලදීලනම් නෙවෙයි මම හිතන්නෙ.
ලොකු දෙයක් .නෝ ට්‍රැෆික්
පොලිසිය නෙවෙයි, ජනතාව රැස්වෙනවා දකින්න රනිල් බයයි!
ගෝඨා ගේ කාලේ උද්ඝෝෂණ අයිතිය වෙනුවෙන් පෙනී හිටිය කලුකබා කාරයෝ කෝ
කවුද බොරු කියන්නේ? කොහෙද හෙට ඕ ලෙවල් විභාගයක් පැවැත්වෙන්නේ? කාලසටහන අනුව අදින් විභාගය අවසානයි...