(යොහාන් භාසුර)

පාවිච්චි කළ මෝටර් රථ අමතර කොටස් යැයි රේගුවට ප්‍රකාශ කරමින් රුපියල් කෝටි 35 කට අධික වටිනාකමින් යුත් මෝටර් රථ තුනක් සහ තවත් භාණ්ඩ විහාල ප්‍රමාණයක් නීති විරෝධීව ආනයන කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු සිය භාරයට ගත් බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

රේගු භාණ්ඩ නිෂ්කාශන ආයතනයක හිමිකරුවෙක් සහ අදාල භාණ්ඩවල ආනයනකරු යැයි කියන පුද්ගලයෙක් මෙසේ භාරයට ගත් බව කී එම නිලධාරියා අදාල පුද්ගලයන්ට එරෙහිව නීතිමය කටයුතු කිරීමට නියමිත බව ද කීය.