පොහොට්ටුවේ ප්‍රධානින් ණය ප්‍රතිව්‍යුහගත යෝජනාව මඟහැරියා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැපී පෙණන චරිත කීපයක් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තු සභා ගර්භයේදී නොසිටි බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව ඔවුන්ගේ අනන්‍යතාවයට සහ හෘදසාක්ෂියට නොගැපෙන බව ඒ ප්‍රධාන මන්ත්‍රීවරු විශ්වාස කළේ යැයි සිතිය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (2) පැවසීය.