IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මෙරට ලොකුම සෙල් ලිපිය පිටපත් කර අවසන්

(නිමල් ජයරත්න)

ඓතිහාසික දිඹුලාගල කඳු වැටියෙන් සොයාගත් ශ්‍රී ලංකාවේ විශාලතම සෙල් ලිපියේ පිටපත් කිරීමේ කටයුතු අවසන් කර ඇති බව පුරාවිද්‍යා පරීක්ෂක නිලධාරී තනුර දයානන්ද මහතා සඳහන් කරයි.

දිගින් අඩි 50 ක් පමණ සහ උසින් අඩි නමයකින් පමණ යුතු මෙම ශිලා ලේඛනය ශ්‍රී ලංකාවේ දැනට හමු වී ඇති අති දුර්ලභ විශාලතම ශිලා ලේඛනය බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව සහකාර අධ්‍යක්ෂ එම්. ජී. රත්නපාල මහතා දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් වෙත එවූ ලිපියක සඳහන් වේ.

ක්‍රිස්තු පූර්ව තුන සහ පලමු සියවස් අතර කාලයේ ලේඛනගත කරන්නට ඇති බවට සැකකරන මෙම සෙල්ලිපිය පූර්ව බ්‍රාහ්මීය අක්ෂරවලින් දැකගන්නට ඇති බවත්, මෙම විශාල විශාලතම සෙල්ලිපිය ශ්‍රී ලංකාවේ සහ දිඹුලාගල ඉතිහාසය වෙනස් කරන සෙල්ලිපියක් බවට සැකකරන බවද ඒ පිළිබඳ පර්යේෂණය කරන තනුර දයානන්ද මහතා සඳහන් කරයි.

සැප්තැම්බර් 26 වෙනිදා මෙම සෙල්ලිපිය පිටපත් කිරීමේ කටයුතු ආරම්භ කළ අතර ඉකුත් නොවැම්බර් 18 වැනිදා එම පිටපත් කිරීමේ කටයුතු අවසන් කර ඇති බවත්, එහි සඳහන් අක්ෂර කියවීමේ කටයුතු තනිව සිදු නොකරන බවත්, ඒ සඳහා තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ ඉතා ඉක්මනින් කියවා රටට මෙහි තොරතුරු හෙළිදරව් කරන බවද දයානන්ද මහතා සඳහන් කරයි.

මෙම අති දුර්ලභ විශාලතම සෙල්ලිපිය මාධ්‍ය මගින් හෙළි වීමත් සමඟ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් එම සෙල්ලිපිය බැලීමට බොහෝ පිරිස් පැමිණෙන බවත්, කෙසේ වෙතත් එය ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා නොමැතිය අතර මෙම ස්ථානයට පූර්ණ ආරක්ෂාව යොදා පළමුවෙන්ම එම සෙල්ලිපිය ආරක්ෂා කරගත යුතු බවත්, ඉන් අනතුරුව එම සෙල්ලිපිය නැරඹීමේ සඳහා එම ස්ථානයට ලඟාවීමට ගමන් මාර්ගයක්, සහ පහසුකම් සැලසීමට අවශ්‍ය කටයුතු ඉතා කඩිනමින් සිදුකරන බව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් අප සමග සඳහන් කළහ.



අදහස් (3)

මෙරට ලොකුම සෙල් ලිපිය පිටපත් කර අවසන්

dhamneth Monday, 20 November 2023 04:49 PM

මේ වගේ අවස්ථාවලට මතක්වෙන්නේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන ශූරීන්...

:       0       1

ජයන්ත අහංගම Tuesday, 21 November 2023 02:57 AM

සෙල්ලිපිය කියවන්න පුළුවන් නම් එය ලෝකයේ අනික් පැත්තේ ඉන්න සිදු වී ඇති මා වැනි මහල්ලන්ටත් කියවිය හැකි වෙන්න ප්‍රසිද්ධ කරන්න පුළුවන් නිසා, අපටත් දැකගෙන කියවන්න අවකාශය අද සන්නිවේදන තාක්ෂණය මගින් ලබා දෙන මෙන් පූජනීය ස්වාමින්වහන්සේගෙන් වැඳ නමස්කාරව ඉල්ලමි.

:       0       0

ජයන්ත අහංගම Tuesday, 21 November 2023 03:01 AM

දුර රටක සිටින මහළු මා වන්මාමටත් දැක ගන්න ඔය ලිපිය පැහැදිලිව පැල කරන සේකවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site