(යොහාන් භාසුර)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ ඕස්ටේ්‍රලියාව අතර අහමදාබාත් දැන් පැවැත්වෙන අවසන් මහ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල ඕවර 50 යේදී ලකුණු 240 කට සීමාකිරීමට ඕස්ටේ්‍රලියානු පන්දුයවන්නෝ සමත් වූහ.
ඕස්ටේ්‍රලියාව ශූරතාව දිනාගැනීමට ඕවරයකට ලකුණු 4.82 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 241 ක් රැස්කළ යුතුය.
මිචෙල් ස්ටාක් දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 55 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත් විය.
කේ. එල්. රාහුල් ඉන්දීය පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 107 කදී ලකුණු 66 ක් රැස්කළේය.
ඉන්දීය පිල ඕවර 50 යේදී සියලු දෙනා දැවී 240 (රෝහිත් ශර්මා 47, විරාට් කෝලි 54, කේ. එල්. රාහුල් 66, සූර්යකුමාර් යාදේව් 18, මිචෙල් ස්ටාක් 55/3, පැට් කමින්ස් 34/2, ජොෂ් හෂල්වුඩ් 60/2)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd