IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මින්නේරි වැවේ සැඟවෙන්න ගිය ජිවිත තුනක් බේරා ගැනෙති

(චාපා මධුභාෂිණී)

මින්නේරිය ජලාශයේ දියේ ගිලීමට ගිය මවක් සහ දියණියන් දෙදෙනකු මින්නේරිය පොලිස් ජීවිතාරක්ෂක නිළධාරීන් විසින් දිවි ගලවාගෙන ඇත.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට පොලොන්නරුව ප්‍රදේශයේ විනෝද චාරිකාවක පැමිණි කණ්ඩායමක් පසුගියදා විනෝද චාරිකාව නිමාකොට යමින් සිටියදී මින්නේරිය ජලාශයේ දිය නෑමට බැස ඇත.

මෙම විනෝද චාරිකාවේ පැමිණි ඒකම පවුලේ ඥාතීන් 8 පමණ දියනෑමට වැවට බැස ඇති අතර පසුව මෙම පිරිසේ සිටි වයස අවුරුදු 10 සහ 11 දියණියන් දෙදෙනා දියේ ගිලෙනු දැන මෙම දියණියන්ගේ මවද ඔවුන්ගේ දිවි ගලවා ගැනීමට යාමේදී මොවුන් තිදෙනොම දියේ ගිලී ඇත.

පසුව ඒම ස්ථානයේ රාජකාරීව සිටි මින්නේරිය පොලිස් ජීවිතාරක්ෂක නිළදාරීන් විසින් මෙම මව සහ දියණියන් දෙනොගේ දිවි ගලවා ගැනීමට කටයුතු කර ඇත. 

 

 



අදහස් (4)

මින්නේරි වැවේ සැඟවෙන්න ගිය ජිවිත තුනක් බේරා ගැනෙති

නිස්කලංක Sunday, 19 November 2023 10:30 PM

ගෙවල් වලට ගිහින් නා ගනිල්ලකෝ මග මැරෙන්නේ නැතුව. කොච්චර මේ වගේ දේවල් වෙලා තියෙනවාද? ඒත් පාඩම් ඉගෙන ගන්නේ නෑ. මඩ වලක් දැක්කත් ඒකට පනිනවා හරියට කාන්තාරේක ඉඳලා ආවා වාගේ...

:       0       34

සෙනෙවිරත්න Monday, 20 November 2023 04:12 AM

ලැජ්ජාවක් නැද්ද? අම්බලන්ගොඩ ඉඳලා ඇවිත් වතුරේ ගිලිලා මැරෙන්න. කාලයක් හොඳම පිහිනුම් ශූරියෝ හිටියේ අම්බලන්ගොඩ... ඒවා පැත්තට තියමු. අම්මලා මීට වඩා වගකීමකින් කටයුතු කරන්න ඕනෑ. ප්‍රවෘත්තියක් නොබලන පවුලක් වගේ මේ අය..!.

:       0       5

Senarath Monday, 20 November 2023 09:16 AM

විශිෂඨ ක්‍රියාවක්. ඔබට අපේ උපහාරය.

:       0       12

චාමර Tuesday, 21 November 2023 08:08 PM

මේක අමූලික බොරුවක් මේ සිද්ධිය වුන තැන මමත් හිටියා. මේ සිද්ධිය මෙහෙම නෙමෙයි වුණේ මෙතැන සිටියේ ෂෝට් දෙක ඇඳන් ඉන්න දෙන්න විතරයි .පස්සේ ඇවිත් ඉතුරු දෙන්නත් මේකට නම් දාගත්තා රාජකාරි වරප්‍රසාද සඳහා. මෙතන නාන්න සුදුසුයි කියලා මේ අයම බෝඩ් දාලා තියෙන්නේ කොන්ක්‍රීට් වලින් ම, ඒ ගොල්ලන් පෙන්නලා තියෙන circle එක ඇතුලෙම තමයි මේ අය නෑවෙත් . සුළු සිද්ධියක්වුනා. ඒ අය බේරගත්තේ ඒ තැන නාපු මල්ලි .ගිලුණේ නැහැ. වගකීමෙන් ඕන තැනක කියන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site