(අංජුල මහික වීරරත්න)
රට බංකොලොත් වූයේ බදු සහන නිසා නම් සජබ හා ජනතා විමුක්ති පෙරමුණද එයට දායක වී ඇති බව පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
එදා බදු අඩු කරන විට පාර්ලිමේන්තුවේදී විරුද්ධ නොවී ඒකමතිකව සම්මත කර ගැනීමට සජබ හා ජනතා විමුක්ති පෙරමුණද ක්‍රියා කළ බව නාමල් රාජපක්ෂ මහතා කීය.
2015 මැතිවරණය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජයට පත්වන විට රටේ ආර්ථික වර්ධන වේගය 7% ක් බවත්, එහෙත් යහපාලනයෙන් පසුව 2020 නැවත රට බාරගන්නා විට ආර්ථික වර්ධන වේගය 2%කට බැස්සවූයේ එදා යහපාලනයේ සිටි අද සජබෙ අය බව කී රාජපක්ෂ මහතා එදා යහපාලන ආණ්ඩුවට මුක්කු ගසා සිටි ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයින් ද ඊට හවුල් බව සඳහන් කළේය.
2019 පත්වූ ගෝඨාභය රාජපක්ෂ ගේ ආණ්ඩුව බදු අඩු කරන බවට සිය පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ප්‍රතිඥා දුන් අතර එයට ලැබුණු ජනවරම අනුව ක්‍රියාත්මක වී බදු අඩුකිරීම වරදක් වන්නේ කෙසේදැයි සජබයෙන් ප්‍රශ්න කරන බවද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ අයගේ කතා අහන්නේ? මෝඩ චූන්...!
පික් පොකට් ගහපු එක තමයි ප්‍රශ්නේ..!
බොරු මහබැංකු වාර්තා හද හදා හොරාකාපු හින්දා රට වැටුණු එක අද මුළු ලෝකයම දන්නවා.
ගෝඨාභය බදු අඩුකරන්න වරමක් ඉල්ලුවා ඒක ඔහු කළේ රටේ මුදල් තත්වය හොඳින්ම දැනගෙන නොවෙයි කියන්න බැහැ මොකද තමුන්ලා පාර්ලිමේන්තුවේ සිටි නිසා (ආර්ථික ඝාතක පිරිස ක්‍රියාකාරීව සිටි නිසා) මුදල් තත්වය හොඳින්ම දන්නවා... බඩ වඩාගන්නම සිටින පෑනක් පැන්සලක් අල්ලන්න නොදන්නා ඡන්ද දායකයන් ඒවා විශ්වාස කර හොඳ නරක නොබලා රට ගැන නොසිතා ඡන්දය දෙනවා. 1952දී හිටපු ආර්ථික ඔස්තාර්ලා නිකම්ම සිටගෙන අඩුවට හා නිකං කන්න ඇතිකළ පුරුද්ද නිසා සකල සිරින්පිරි සිරි ලංකාවේ මිනිස්සු එදාවේල සඳහා ඡන්දය පාවිච්චියට ගන්නවා 1952 හර්තාලය 1956 සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කිරීම (අවුරුදු 30ක යුද්ධයට හේතුවක් වුණා,1965 ආණ්ඩුව නිකං හාල් දීම 1970 හඳෙන් හරි හාල් කිලෝ දෙකකට ඡන්දය දීම 1977 ඇට අටක් කන්න ඡන්දය දීම 1994 තුනයි පනහට පාන් කන්න ආත්මය පාවාදීම සිටද සුනාමි ආධාර වංචා කිරීම වගේ දේවල් නිසා තමයි මේ රට මෙතරම් ප්‍රපාතයකට වැටුනේ... තවත් කියන්න අනන්තවත් දේවල් තියෙනවා. එහෙම තියෙද්දී ඉස්සෝ වගේ හෝ එහෙම නැත්නම් තමන්ගේ ඇහේ පොල් පරාලයක් තියාගෙන අනුන්ගේ ඇහේ පොල් කෙන්ද අදින මිනිස්සු රට කනවා... එහෙම කරන්න එපා කියලා ඔවුන්ට මතක් කරන්න වෙනවා...
අනේ යන්න... ජනතාවගේ මුදල්වලින් පිනට කනවා...
හොර පෙරකදෝරුවා කියන කතා කවුද විශ්වාස කරන්නේ? ආසියාවේ ආශ්චර්යය පෙන්වනවා කියලා මුලුමහත් ජනතාවම රවට්ටලා බලයට ඇවිත් අන්තිමට මුළුරටම හොරාකාලා විනාශ කෙරුවා.
බදු අඩු කරනවා, පොහොර නිකං දෙනවා, පිටි දෙනවා, වගේ ගැලරියට කථා කරලා ඡන්දේ දිනුවා. ඔබතුමාලාට තේරෙන්නේ නැද්ද මේවා කරන්න බෑ... කෙරුවොත් රට අමාරුවේ කියලා... අම්මා, තාත්තගේ දේවල් වගේ හිතාගෙන අරක දෙනවා, මේක දෙනවා කියලා නිකන් කන්න බලාගෙන ඉන්න මිනිස්සුන්ගේ ඡන්දෙන් දිනලා අන්තිමට ඒවා දෙන්න ගිහින් රටේම මිනිස්සු අන්ත අසරණ කෙරුවා. රටක් පාලනය කරන්න හොඳ බුද්ධියක් දැනුමක්ව තියෙන්න ඕනේ... වාචාලකම විතරක් මදි. මේ රටේ දේශපාලනය කරන්නද හිතාගෙන ඉන්නේ ඔබතුමා ඇතුළු කණ්ඩායම...
කට වහගෙන ඉන්න... රටේ ආර්ථිකය කාපු අයගේ කට්ටිය...
නීති විභාගෙන් ලංකාවෙන් පළවෙනියාලු... සිවිල් නඩුවිධාන සංග්‍රහයේ වගන්තියක් කියන්න කිව්වම බැරිවුණා. බොරුවෙන්ම හොරකමින්ම ජීවත්වෙන පවුලක්...!
අනුර කුමාරගේ. මයිලක තරම්වත් මොලයක් නැති. බේබි... තාත්තා බාප්පා රට කෙරුවේ අන්ජනම් බලෙන්. කොහේවත් යන ගෑනු මිනිස්සු කියන දේවල් කරලා රටක් ගොඩගන්න පුළුවන්ද? මොකටද පාසල් තියෙන්නේ..? ඒවා වහලා... දේවාල කරනවා මේ මෝඩ පවුල හිටියා නම්... පුත්තු විභාග පාස්කරන්නේ විදුහල්පතිගේ කාමරේ තුන්දෙනාගෙන් එක්කෙනෙක්ට මොලයක් දැනුමක් නැහැනේ අසරණ ගැහැණු ටිකක් ගෙනත් දුන්නා නම්... සැතපෙන්න ඒවා විතරයි දන්නේ. ඒකත් ඉතින් ඒ අයගෙන්ම තමයි අහන්න ඕන.. මේ අය දන්නේ හොරාකන්න මිනීමරන්න. අනාචාරයේ යන්න. ඒ සේරමත් කරලා සුදු ඇඳගන. පන්සල් යන්න ලොකු උදව්වක් ඔය කුරහන්පටියෙන්. බෙල්ලටම කරලා. ගැටේ දාගන්නවා නම් පව්ලෙ සැවෝම...
ජනතාවට සහනයක් ලැබෙන ආකාරයට බදු සහන හදන්න ජාජබ හා සජබ සහාය දුන්නා කියමුකෝ... ඒත් ඔයාගේ බාප්පොච්ච් වෙච්චි ගෝඨාභය උන්නැහේ රටේ බදුගෙවීම කළ එහෙත් පොහොට්ටුව දිරිගැන්වීම සඳහා ආධාර උපකාර කළ පිරිසකගේ බදු අයකිරීම ඉවත්කර රජයේ ආදායම් අඩු නොකළේ නම් රටේ මෙතරම් අසීරු තත්වයක් ඇති වෙන්නේ නැහැ කියලා හිතන්න මොළයක් නැද්ද? තමන්ගේ පැත්තේ කොච්චර වැරැදි තිබුණත් ඔයැයිට පේන්නේම අනුන්ගේ විතරයි කියලා තමයි අපිට පේන්නේ...