
(කුෂාන් ජයවර්ධන)
කලාවැව ආශ්‍රිත ජල පෝෂක කලාපවලට ඇද හැලෙන වර්ෂාවත් සමග අද සවස කලාවැව හදිසි වාන් දොරටු දෙක අඩි 06 බැගින් විවෘත කිරීමට බෝවතැන්න වාරි ඉංජිනේරුවරයාගේ උපදෙස් මත කලාවැව ජලාශ බාර කාර්යාලය කටයුතු කරනු ලැබීය.
මේ වනවිට කලාවැවේ සමස්ථ ජලධාරිතාවය අක්කර අඩි 86916ක්ව තිබේ. ඒ අනුව මේ වනවිට කලාවැව පිටාර ගැලීමද සිදුවෙමින් පවතී. ඒ අනුව කලාවැවේ හදිසි වාන්දොරටු විවෘත කිරීමත් සමග කලාවැවෙන් කලාඔයට මුදා හැරෙන ජලප්‍රමාණය තප්පරයට ඝන අඩි 6300ක් පමණ වන බව බෝවතැන්න හා කලාවැව බාර කාර්ය භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා පැවැසීය.
කලාවැව ජලාශයද ඉංජිනේරුවරයාගේ නිරීක්ෂණයට මෙහිදී ලක්විය. ඉංජිනේරුවරයා වැඩි දුරටත් පවසා සිටියේ රාත්‍රිය වනවිට තවදුරටත් වාන්දොරටු විවෘත කිරීමට සිදුවිය හැකි බවයි.
කලාවැව හදිසි වාන්දොරටු විවෘත කිරීමත් සමග මේ වනවිට කලාවැව අවුකන මාර්ගයද අවුකන විහාරස්ථානය ආසන්නයේදී ජලයෙන් යටවී ඇති අතර එම මාර්ගයේ ගමනාගමන කටයුතුද මේ වනවිට ඇනහිට තිබේ.


2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කලා වැවේ වාන් දොරටු ඇරේ