
(සමන් පාලිත නානායක්කාර,ප්‍රසන්න පද්මසිරි සහ ප්‍රසාද් රුක්මල්)
බිබිල ලුණුගල මාර්ගයට අද 19 සවස 5.00 ට පමණ කිලෝමීටර් 32 කනුව අසල දී දැවැන්ත ගලක් සමඟ පස් කන්දක් කඩා වැටී එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයි බිබිල පොලීසිය කියයි.
පවතින අධික වර්ෂාව සමග මෙම ස්ථානයට පස්කඳ සමඟ ගල්පර්වතයේ කඩා වැටී තිබේ.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මාර්ගය පිලිසකර කිරීම අපහසු වී ඇතැයිද පොලීසිය කියයි.
කාලගුණය යහපත් වනතෙක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටි.
මේ වන විට විකල්ප මාර්ග ඔස්සේ වාහන ධාවනය කරවීමට ලුණුගල පොලීසිය සහ බිබිල පොලීසිය කටයුතු කරමින් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd