( ෂේන් සෙනෙවිරත්න )

ධාරානිපාත වර්ෂාව අතරතුර රංගල ප්‍රදේශයේ ඔයක් උතුරා ජලයෙන් යට වූ පාලමකින් යතුරුපැදියකින් ගමන් කිරීමට උත්සාහ කළ පනස් හැවිරිදි පුද්ගලයකු ජල කඳට හසුවී ගසාගෙන ගොස් මිය ගිය බව පොලිසිය කියයි .

එසේ මියගොස් ඇත්තේ තෙල්දෙණිය ඩිපෝවේ රියදුරෙකු වශයෙන් සේවය කළ කපිල ප්‍රියන්ත (50) නමැති රංගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි .

ඔහු රාජකාරී නිමවා නිවෙස බලා යාම සඳහා රංගල බෝගහකුඹුර ඔය අසලට පැමිණෙන විට එම පාලම ජලයෙන් යටවී තිබී ඇති අතර ඔහු යතුරු පැදියෙන් පාලමෙන් එගොඩ වීමට උත්සාහ කිරීමේදී ජලපහරට හසුව ගසාගෙන ගොස් තිබේ.