
(එස් ඩී කොඩිකාර සහ ඉන්දිකා රාමනායක )
දෙණියාය ,පල්ලෙගම ප්‍රදේශයේ දී හිමියනමක් තියුණු ආයුධයකින් පහර දි බරපතළ තුවාල ලැබූ දෙණියාය පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයා දින තුනක් ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (19) මියගොස් ඇතැයි පොලීසිය කියයි .
මියගොස් ඇත්තේ ගමගේ ධනුෂ්ක නම් උඩ ගොමඩිය, කටුවන පදිංචි පොලිස් කොස්තාපල් වරයෙකි.
ඉකුත් (16) වන දින පල්ලෙගම ගංගොඩ පාරේ පිහිටි වැඩිහිටි නිවාසය ආසන්නයේදී කොස්තාපල්වරයා පිහි ඇණුම ට ලක්ව ඇත්තේ හිමිනමගේ (20) හැවිරිදි වැඩිමහල් සොහොයුරිය සමග ඇතිකරගෙන තිබූ ප්‍රේම සම්බන්ධතාවක් මුල්කරගෙන දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමකින් පසුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉක්මණටම සසරින් එතෙර වෙන්න පුළුවන් වෙයි.
තහනම් ගෙඩිය ළපටියි... රස වැඩි බැවිනි. තම අඹුදරුවනුත් සිහියට නොම නැගුණි... පරහට ඔවා දෙන්නට සිටිනා මෙවැනී අයටත් විපත් පැමිණෙයි කම්පල ලෙසිනි..
මේ සිදුවීමේ චරිත 2ක මාරු වූවානම් දැකගන්නට තිබුණා...
කරවිල කන්ද, ගොමඩිය, උඩ ගොමඩිය කිව්වාම එහේ මිනිස්සු කොහොම අයද කියලා කියන්න අවශ්‍ය නැහැ... කොහොමත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිනිස්සුනේ...!
එතකොට ඔය කෙල්ල හෝ ගැහැනිය උපාසක චරිතයක්ද...?