
(නිහාල් වෙත්තසිංහ)
මීගොඩ කොම්පයාහේනේ නිවසකින් යතුරුපැදියක් සොරකම් කර, පදවමින් සිටි පාසල් ළමයින් දෙදෙනකු එම යතුරු පැදිය සමඟ අත්අඩංගුවට ගත් මීගොඩ පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොම්පයාහේන ප්‍රදේශයේ පදිංචි, ගොඩගම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 සහ 17 යන වයස්වල දරුවන් දෙදෙනකු බව පොලීසිය පවසයි.
මීගොඩ පොලිස් ස්ථානයේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් කොම්පයාහේන ප්‍රදේශයේ විශේෂ වැටලීමට ගොස් ඇත. ඒ යන අවස්ථාවකදී අංක තහඩු නොමැතිව සැකකටයුතු ලෙස මාර්ගයේ වේගයෙන් ධාවනය කළ යතුරු පැදියක් දැක, ඔවුන් පසුපස හඹාගොස් යතුරුපැදිය නවතා පරික්ෂා කර, මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා පොලිස් ස්ථානයට රැගෙනවිත් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී, 16 සහ 17 යන වයස්වල පසු වන මෙම දරුවන් දෙදෙනා තමන් පදිංචි ප්‍රදේශයේම නිවසකින් සොරකම් කළ යතුරු පැදියක් බවට අණාවරණය කරගෙන ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුළුකොට නොසලකන්න.. මෙන්න මේ තත්වයෙන් රට ගොඩගන්න සැවොම උත්සාහ කරන්න.