
(විමුක්ති එස් රුද්‍රිගු)
බදු ඉහළ නැංවීමට පෙර ආනයනය කළ සීනි මෙට්‍රික් ටොන් 19,000ක් තවමත් රට තුළ පවතින බවත් එබැවින් සීනි හිඟයක් හෝ අනවශ්‍ය මිල ඉහළ යාමක් සිදු වීමට කිසිදු අවස්ථාවක් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කළේය.
පාලන මිලට වැඩියෙන් සීනි අලෙවි කරන ස්ථාන සොයා පාරිභෝගික සේවා අධිකාරිය මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවද අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පෙන්වා දුන්නේය.
නියමිත මිලට සීනි මිල දී ගැනීම සහ අනවශ්‍ය සීනි හිගයක් නිර්මාණය වීම වැලැක්වීම රජයේ පමණක් නොව ජනතාවගේ ද වගකීම බව අමාත්‍ය ආචාර්ය සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.
එවැනි අවස්ථාවලදී පාරිභෝගික සේවා අධිකාරිය දැනුවත් කිරීම ජනතාවගේ යුතුකම බවද අමාත්‍ය ආචාර්ය සියඹලාපිටිය මහතා පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුණාට කඩවල්වල සීනිත් නෑ.. හාලුත් නෑ.. මොනවද කියවන්නේ?
සීනි හිඟයක් වෙන්න බැරිබව අපි දන්නවා. ඔය කතාව අපිට වැඩක් නැහැ. සීනි ගෙන්වපු එවුන්ගේ ගබඩාවලට පැනලා බලනවා ගෙන්නපු සීනි කාටද බෙදුවේ කියලා. අකුටෙන් අල්ලාගෙන බෙල්ලම මිරිකනවා. කොනක සිටන් හොයාගෙන යනවා. නිලදාරීන් පගාවට යටවෙනවා නම් සීනි හංගපු එවුන් සොයන්න බැහැ
වුණාට මේ වෙලා තියෙන්නේ. සමහර විට ඔබතුමා කියන්නේ ඔබතුමා යන කඩේ එහෙම වෙලා නැතිව ඇති. ඒත් රටේ සාමාන්‍ය ජනතාව යන කඩවල එහෙම වෙලා. සඳලුතලෙන් බැහැලා ඇවිත් හොයා බලන්නකෝ...!
කට වහගෙන ඉන්න... කතාවයි මූණයි දකින කොට වමනෙට එනවා...!
මේ සීනි ප්‍රශ්නය ඇතිවුනේ සීනි බද්ද වැඩිකළ නිසයි. සීනි බද්ද පෙර පැවැති තත්ත්වයට පත්කරන්න. සමහර හිතවතුන්ට පාඩු වුණත් ප්‍රශ්නය විසඳන්න පුළුවන්...!