(අංජුල මහික වීරරත්න)
ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ වූවද ජනතාවගේ ජීවන තත්ත්වය, සහ අවදානමට ලක්විය හැකි ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ඉදිරි වසර සඳහා වන අයවැය රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ "ගෝලීය දකුණේ හඬ" සමුළුවේ රාජ්‍ය නායක සැසිය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අමතමිනි.
දෙවැනි වරට පැවැත්වූ මෙම සමුළුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේදි ආරම්භ වූ අතර සංවර්ධනය වෙමින් පවතින රටවල රාජ්‍ය නායකයෝ රැසක් එක්ව සිටියහ.
සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් කළ ආරාධනයට සිය ස්තූතිය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සමුළුව සංවිධානය කරමින් ඉන්දියාව සිදු කරන කාර්යභාරය ද අගය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කා වෘත්තිකයින් බිස්නස් කාරයින් හැරෙන්න කාටත් සරණ අවශ්‍යයි. මසකට ලක්ෂ තුන හතරක් පඩි ගන්න ගමන් private practice එකෙනුත් හම්බ කරන ගමන් බදු ගෙවන්න බැහැලු. කෂ්ටිය එංගලන්තයට යනවාලු. එංගලන්තේ බදු ගහන්නේ නැද්ද?