
(යොහාන් භාසුර )
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හවායිහි පර්ල් වරායෙහි පැසිෆික් ගුවන් හමුදා මූලස්ථානයේ පැවති 'පැසිෆික් ගුවන් ප්‍රධානීන්ගේ කථීකාව 2023' සම්මන්ත්‍රණයට සහභාගී විය.
රටවල් 22 ක නියෝජිතයින් සහභාගී වු මෙම කථීකාව ගුවන් ප්‍රධානීන්ගේ විශාලතම හමුව වන අතර මෙහිදී කලාපීය ආරක්‍ෂක අභියෝගවලට මුහුණ දීම සඳහා ගෝලීය තීක්ෂණ බුද්ධිය යොදා ගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය.
පැසිෆික් ගුවන් හමුදාපති සහ 2023 පැසිෆික් ගුවන් ප්‍රධානීන්ගේ සම්මන්ත්‍රණයේ සත්කාරක ජෙනරල් කෙන් විල්ස්බැච්ගේ නායකත්වය යටතේ කලාපීය ආරක්ෂාව සම්බන්ධ විවිධ මාතෘකා ඔස්සේ සාකච්ඡා පැවැත්විණි.
මෙම සම්මන්ත්‍රණයේදී ගුවන් වසම් දැනුවත් කිරීමේ වැදගත්කම, මෑත කාලීන ගැටුම්වලින් උගත් පාඩම්, මානුෂීය ආධාර සහ ආපදා සහන පිළිබඳ සාකච්ඡා කළහ.
එම සාකච්ඡාවලට අමතරව, ජාත්‍යන්තර හවුල්කරුවන් අතර බැඳීම් ඇති කිරීම සඳහා නිර්මාණය කර ඇති ආකර්ශනීය සමාජ සිදුවීම් ද මෙම සම්මන්ත්‍රණයට ඇතුළත් විය.
ඉන්දු-පැසිෆික්, යුරෝපය, දකුණු ඇමරිකාව සහ උතුරු ඇමරිකාවේ හමුදා නායකයින් එක්රැස් කරමින් කල මෙම සම්මන්ත්‍රනය කලාපීය අභියෝගවලට විසඳුම් සෙවීමේ වේදිකාවක් වනවා සේම හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීමට පිටුවහළක් වේ.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
'පැසිෆික් ගුවන් ප්‍රධානීන්ගේ කථීකාව 2023' සම්මන්ත්‍රණයෙන්