පොතුවිල් පුරාවිද්‍යා ඉඩම් බලධාරීන් බෙදාගෙන පොතුවිල් ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයක් වන මුහුදු මහා විහාරයේ වසර 2200 කට වඩා පැරණි පුරාවස්තු අන්තවාදීන් විනාශ කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බලධාරීන් මුදලට සහ ඡන්දවලට යටවී නීතිය ක්‍රියාත්මක නොකර බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. 17 September 2023
අයර්ලන්ත කතට අතවර කළ සම්බාහන සේවකයාට වැඩ වරදි උණවටුන යද්දෙහිමුල්ල ප්‍රදේශයේ සංචාරකයින් සඳහා සේවා සපයන සම්බාහන ආයතනයක සේවය ලබාගැනීමට පැමිණි 38; හැවිරිදි අයර්ලන්ත ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීම සහ එම අතවරයට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් එම සම්බාහන මධ්‍යස්ථානයේ හිමිකරු සහ සේවකයෙකු අත්අඩංගුවට ගත් බව හබරාූව පොලිසිය පවසයි. 17 September 2023
අයවැයට පොහොට්ටුවෙනුත් යෝජනාවලියක් ඉදිරි අයවැය යෝජනා සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනා මාලාවක් ලබා දෙන බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 17 September 2023
පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් 5ක් රෝහලේ:3 ක් සැකපිට යාපනය, චුන්නාගම්, තාවඩි ප්‍රදේශයේ නිවසකට ඇතුළුවී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පුද්ගලයින් පස් දෙනෙකු තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් තරුණයින් තිදෙනකු සැකපිට අත්අඩංගුවටගත් බව චුන්නාගම් පොලිසිය කියයි. 17 September 2023
ජාත්‍යන්තර බෞද්ධ වට මේස සාකච්ඡාවක් ලංකාවේ දකුණු චීන මුහුදු කලාපයේ 8 වන බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව (South China Sea Buddhist Shenzhen Roundtable) ඔක්තෝබර් මස 24,25 සහ 26 දිනයන්හි දී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය. 17 September 2023
අලුත් දෙළුම් ප්‍රභේද දෙකක් මෙරට වගා කිරිම සඳහා නව දෙළුම් ප්‍රභේද දෙකක් හඳුන්වා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විද්‍යාඥයින් කළ පර්යේෂණ අතිශය සාර්ථක වී ඇත. 17 September 2023
ගසක අත්තක් සිසුවියට මරු කැඳවයි යතුරු පැදියක පසුපස ගමන් කරමින් සිටි පාසල් සිසුවියකගේ හිස මතට ගසක අත්තක් කඩා වැටීමෙන් එම සිසුවිය ජීවිතක්ෂයට පත්ව ඇතැයි පුඬළුඔය පොලීසිය පවසයි 17 September 2023
අනතුරින් එකම පවුලේ 6ක් රෝහලේ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී අද (17) අලුයම වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටිමෙන් එකම පවුලේ හයදෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසයි . 17 September 2023
ජනපති කියුබාවෙන් ඇමරිකාවට කියුබාවේ හවානා නුවර පැවති G77 සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගී වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරට ළඟා විය. 17 September 2023
ග්‍රාම නිලධාරීන්ගේ දීමනා වැඩි ක කරන්න කමිටුවක් ග්‍රාම නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීම සම්බන්ධව සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කළ බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය. 17 September 2023
පළාත් කීපයකට පොඩි වැස්සක් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව කියයි. 17 September 2023
ලන්ඩනයේ සැප පාරවල්වල ගිහින් කෝටි 261ක් පොලු තියලා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වසර 19 ක කාලයක් ලන්ඩනයේ මාර්ග තදබදය අවම කිරීම සඳහා හඳුන්වා දී ඇති මාර්ග භාවිත කර ඇතත් එම කාලය සඳහා ගෙවිය යුතු ස්ටර්ලිං පවුම් 652120 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 261 ක් පමණ) ක මුදල ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මෙතෙක් ගෙවා නොමැති බව අමාත්‍ය ඩේවිඩ් රට්ලි මහතා එම ගෙවීම් සම්බන්ධව එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලැයිස්තුවේ දැක්වේ. 17 September 2023
අතේ මහ ලේකම්කමට ලොකු තරගයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුරප්පාඩු වී ඇති මහලේකම් ධුරය සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු අතර දැඩි තරගයක් නිර්මාණය වී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. 16 September 2023
තෙල් පොල්ල කෝටි විසිතුන්දහස පනී ඉකුත් 2020 වසරේ සිට මේ වසරේ ජුනි මස දක්වා කාලය තුළ ඉන්ධන ණයට දීම හේතුවෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවලින් ඛනිජ තෙල් සංස්ථාවට අය විය යුතු මුදල රුපියල් කෝටි 23,416ක් පමණ වන බව එම සංස්ථා වාර්තාවලින් අනාවරණය වේ. 16 September 2023
හොරපෙට නුදුරින් දුම්රිය මාර්ගයේ කාන්තා මළසිරුරක් හොරපේ - එඩේරමුල්ල අතර දුම්රිය මාර්ගයේ වැටි තිබූ කාන්තාවකගේ මළ සිරුරක් අද හමුවු බව රාගම පොලිසිය පවසයි. 16 September 2023
මෙරට උගත්තු ෂෙඩ්වල, අවන්හල් සේවයේ මෙරටින් විදේශගත වූ ඉංජිනේරුවරුන්, නීතිඥයන් සහ ගණකාධිකාරිවරුන් ඇතුළු වෘත්තිකයන් දහසකට වැඩි පිරිසක් අවන්හල්වල, ඉන්ධන පිරවුම්හල්වල සහ සුපිරි වෙළෙඳසල්වල සේවය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි. 16 September 2023
අමුතු පාඩමක් උගන්වන්න ගිය ගුරා අත්අඩංගුවට ඕපනායක ප්‍රදේශයේ පාසලක 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් පිරිසකට සිය ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන පෙන්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව ඔපනායක පොලිසිය පවසයි. 16 September 2023
ඉන්දියා ආරාමයකින් ගංගාරාමයට සිවුරු සහ පාත්‍ර ශ්‍රී ලංකාවාසි සංඝරත්නය වෙත පූජා කිරීම සඳහා ඉන්දියාවේ සහ නේපාලයේ නියෝජ්‍ය ලේකම් ඉන්දියාවේ සිද්ධාර්ථ මන්දිර් ආරාමයේ තායිලන්තයේ පරදිස්වචාරජර්න් හිමියන් ඇතුළු දූත පිරිස සුදු යකඩ පාත්තර සහ සිවුරු 1600 ක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අද (16) පරිත්‍යාගය කළහ. 16 September 2023
කොළඹ වරාය නගරයේ අවන්හල් ඉවතට කොළඹ වරාය නගරයේ සියලු අවන්හල් 2027 වසරේ මාර්තු වනවිට ඉවත් කරන බව කොළඹ වරාය නගර ආර්ථික කොමිසම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට දැනුම් දුන්නේය 16 September 2023
ආයතන රැසක දත්ත වැනසිලා මෙරට රාජ්‍ය ආයතනවල විද්‍යුත් ලිපින ඉලක්ක කරමින් කෙරුණු සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළේය. 16 September 2023
කටුගස්තොට සැක ඝාතනයක් කටුගස්තොට මැණික්කුඹුර ප්‍රදේශයේ අලුතින් ඉදි කරමින් පවතින තෙමහල් නිවසක තනිව සිටි 57 හැවිරිදි පුද්ගලයකු කපා කොටා ඝාතනය කර තිබියදී අද අලුයම කටුගස්තොට පොලීසිය මගින් සොයා ගනු ලැබ තිබේ. 16 September 2023
ජනතාවට සහන දෙන්නැයි ආණ්ඩුවේ පක්ෂ දෙකක් ජනපතිට කියයි ආර්ථික ප්‍රශ්නයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සලසන්නැයි මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉදිරි දිනවල විශේෂ ඉල්ලීමක් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ මහජන එක්සත් පෙරමුණ තීරණය කර ඇත. 16 September 2023
ලොක්කන්ගේ වාහන 2000ක් පවුලේ වැඩට විවිධ තරාතිරම්වල දේශපාලඥයන්ට,පොලිසියේ, ත්‍රිවිධ හමුදාවේ සහ රජයේ විවිධ ආයතනවල ප්‍රධානීන්ට නිකුත් කෙරුණු නිල රථ දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගෙන ඇතැයි බුද්ධි අංශ රජයට බාරදී ඇති වාර්තාවක සඳහන් වේ. 16 September 2023
මේ දැරිය දැක්කොත් පොලිසියට කියන්න යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික උත්සවය වෙනුවෙන් සිඟම් යැදීම සදහා පවුලේ අය සමග පැමිණ සිටි වයස අවුරුදු 2 යි මාස 6 ක දැරියක, එහි සිටි තවත් යාචක කාන්තාවක පැහැරගෙන ගොස් ඇති බව යාපනය මුලස්ථානය පොලිසිය පවසයි. 16 September 2023
බස්නාහිරට,සබරගමුව සහ දකුණට වැසි බස්නාහිර,- සබරගමුව සහ දකුණු පළාත්වලත් පුත්තලම, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 September 2023
ජනපති ’’G 77’’ අමතයි ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් මුහුණ දෙන වත්මන් සංවර්ධන අභියෝග ජය ගැනීම සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනවලට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 16 September 2023
ඉන්දීය අපරාජිත වාර්තාව බංග්ලාදේශ පිල බිඳ දමයි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ තරග අවසන් කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්රීඩාංගණයේදීතරගයේදී බංග්ලාදේශ ක්‍රීඩකයෝ ලකුණු 6 කින් ඉන්දියාව පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත් වූහ. 16 September 2023
ගමන් බෑගයක මළසිරුරක් සීදුව දඬුගම් ඔය ආසන්නයේ අතහැර දමා ගොස් තිබු ගමන් මල්ලක් තුළ සඟවා තිබු මළ සිරක් සීදුව පොලිසිය සොයා ගෙන ඇත. 16 September 2023
කුරුණෑගල පාසලක සිසුන් දෙපිරිසක් ගැටී හතරක් රෝහලට කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි විද්‍යාලයක සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවකින්සිසුන් සිව්දෙනකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසයි 15 September 2023
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න නීතිඥ චමින්ද කුලරත්න මහතා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් අද ( 15) පත් කරනු ලැබීය. 15 September 2023
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026