(සුමිත් පොතුපිටිය )
හොරණ දොඹඩොඩ යුදහමුදා කදවුරේ පොකුණක තිබී සෙබළෙකු ගේ මළසිරුරක් අද උදෑසන හමුවී ඇති බව අගුරුවාතොට පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචි 7 වන යුදහමුදා යුධෝපකරණ බළකායට අයත් සාමාන්‍ය සෙබළ ඩබ්ලිව් එම් ටී ලක්ෂමන් නමැති අයෙකු ගේ බව පොලිසිය කීය.
මියගොස් ඇති සෙබළා පසුගිය ඉරිදා ශාරීරික අභ්‍යාස පෙලපාලියට පෙනී නොසීටී බැවින් සොයාබලා ඇතත් හමුව නොමැති බවත්, ඒ සම්බන්දයෙන් සෙබළාගේ නිවසද දැනුවත් කර ඇති බවත් යුදහමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd