(මනෝප්‍රිය ගුණසේකර)
ඉතාම හදිසි කටයුත්තක් වශයෙන් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ඖෂධ ගෙන්වීමේ සිද්ධියට අදාළව විමර්ශන පවත්වන රහස් පොලිස් නිලධාරීන් විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අමාත්‍ය කාර්යාලයේ තිබී බාරයට ගත් කැබිනට් සංදේශවල කිසිඳු කාර්ය සටහනක් ඇතුලත් නොවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කාර්යාලයේ තිබී රහස් පොලිස් බාරයට ගත් අනෙකුත් කැබිනට් සංදේශ අඩංගු ලිපි ගොනුවල සාමාන්‍ය අන්දමට කාර්ය සටහන් යොදා ඇතත් බාල බෙහෙත් ගනුදෙනුවට අදාළ කැබිනට් සංදේශ අඩංගු ලිපි ගොනුවල කිසිඳු කාර්ය සටහනක් නොමැති වීම සම්බන්ධයෙන් විමතියට පත් රහස් පොලිස් නිලධාරීහු මෙම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අමාත්‍ය කාර්යාලයේ තිබී රහස් පොලිස් බාරයට ගත් 2022 මැයි 30, 2022 සැප්තැම්බර් 27, 2022 ඔක්තෝම්බර් 25 සහ 2022 දෙසැම්බර් 05 වැනිදා නමින් යුත් කැබිනට් සංදේශ අඩංගු ලිපි ගොනුවල කිසිඳු කාර්ය සටහනක් නොමැති බවද රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සිද්ධියට අදාළ පැමිණීල්ල මීට පෙර අවස්ථාවක අධිකරණයේ කැඳවනනු ලැබු අවස්ථාවේදී පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමක් පිළිගනිමින් සෞඛ්‍ය රාජ්‍ය අමාතංශයේ ඇති කැබිනට් සංදේශ අඩංගු ලිපි ගොනු රහස් පොලිසියට බාරදීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අමාත්‍යංශ ලේකම් සමන් රත්නායක මහතාට කළ නියෝගයකට අනුව අදාළ කැබිනට් සංදේශ රහස් පොලිසියට බාරදී තිබිණී.
එලෙස බාරදුන් කැබිනට් සංදේශවල කිසිඳු කාර්්‍ය සටහනක් අඩංගුවී නොමැති බව හෙළි වීම නිසා රහස් පොලිසිය මේ සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙහෙළියගේ කැබිනට් ලිපිගොනුවල ගුණාත්මක බවින් අඩු ඖෂධවලට අදාළ ලියකියවිලි තිබෙන්නේ කොහොමද. ඒ ඖෂධ අඩු ගුණාත්මක ඖෂධ නොවේ
මේ අපරාධ වලට මුන්ට හෙන හතම වදින්න ඕන. මේ හැත්ත බුරුත්ත හැඳි ගෑවිලා අකුලෝලම පල.
මගේ තනියට උඹත් වරෙන් මචං
අපරාධ වලට චෝදනා ලැබූවන් ඇමතිකම්වලට පත්කරන සහ ඇමතිකම්වල රැඳීසිටින ලොව එකම රට අප ශ්‍රී ලංකාව විය යුතුයි....
මුන් මනුෂ්‍ය නීතිවලින් ගැල උනාට දේව නීතියෙන් /ස්වභාවධර්මයෙන් නිසි කලට නිසි දඬුවම් විඳිනු ඇත
කෙහෙළිය කළේ ඉන්දියාව ඇතුළු රටවලින් මත්ද්‍රව්‍ය ගෙනැවිත් සීතල වතුර පමණක් යොදා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය නොකර ඩොලර් මිලියන ගණනින් ලංකාවට ඉතිරි කිරීමයි. හොඳයි KR. 2048 දී රනිල් රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් පසුව ඔහුට අගමැතිකම ලබා දිය යුතුයි. ලංකාව වැඩි ජනගහනයක් සිටින නිසා රෝගීන් වැඩි ප්‍රමාණයක් මිය ගියොත් කමක් නැහැ.
කෙහෙළියගේ මත්ද්‍රව්‍ය ජාලය මිස අන් කිසිවක් නොවේ. ඒවා ගුණාත්මක බවින් අඩු ඖෂධ නොවේ. ඒ නිසා කෙහෙළියගේ ලිපිගොනුවල ප්‍රමිතියෙන් බාල ඖෂධ සම්බන්ධ ලියකියවිලි කිසිවක් ඔබට හමුවන්නේ නැහැ.
කෙහෙළිය ශ්‍රී ලංකාව දුක් මහන්සියෙන් උපයාගත් විදේශ විනිමය ඖෂධ ගෙන්වීමට වියදම් කිරීමට අකමැති වූ නිසා ඔහුගේ ඖෂධ 'පහළ ඖෂධ' නොව පිරිසිදු ජලය පමණි. ඒ නිසා ඔහුගේ ලිපිගොනුවල මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සම්බන්ධ ගනුදෙනු නැහැ. ඒ නිසා කෙහෙළියට නඩුවක් නැති නිසා ඔහුට චෝදනා නොකළ යුතුයි.
KR මොන තරම් අහිංසක මනුස්සයෙක් ද..? මුට්ටි දේවිට කළගෙඩි නටන්න හොඳ නම්... පිරිසිදු ඇල් වතුර එන්නත් කළාම මොකෝ .. නෑ මං අහන්නේ...!