(යොහාන් භාසුර)

පාසල් දරුවන්ට රජය ප්‍රදානය කළ පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස්  නිලධාරියෙක් පැවසීය.

පාවහන් තිළිණපත්වල වලංගු කාලය ලබන 1 වැනිදා අවසන් වීමට නියමිත තිබුණ ද එම කාලය ලබන මස 17 වැනිදා දක්වා දීර්ඝ කළ බවත් විදුහල්පතිවරු සහ මව්පියෝ කළ ඉල්ලීමකට අනුව මෙම දීර්ඝ කිරීම කළ බවත් එම නිලධාරියා වැඩි දුරටත් සදඟන් කළේය.'