(අංජුල මහික වීරරත්න)
සංවර්ධනය ගමට ගෙනයාමේ අරමුණින් රජය අරඹන ලද “කඳුකර දශකය” දස අවුරුදු බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහන සදහා දිස්ත්‍රික් මට්ටමින් යෝජනා ලබා ගැනීම ඇරැඹූ බව නාගරික සංවර්ධ හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
කඳුකර දශකය වැඩසටහන මෙම වසර ඇතුලත දිස්ත්‍රික්ක 10 ක ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කීය.
මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, මාතර, ගාල්ල, කලුතර, බදුල්ල හා කුරුණෑගල දිස්ත්‍රික්කවල එම වැඩසටහන ක්‍රියාත්මකය.
කඳුකර දශකය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 89ක ග්‍රාම නිලධාරී වසම් 4,498ක් හදුනාගෙන තිබේ.මෙම වැඩසටහන සදහා තෝරාගෙන ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 200 ට වඩා වැඩි උසකින් පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංවර්ධනය එපා කියනවා නොවෙයි. නමුත් ගස්කොලන් ටික කපලා දාලා සුන්දර ගම්මාන නාගරීකරණය කරලා ගොවිතැන් කරන මිනිසුන් සුද්දන්ගෙ පස්සෙන් යවලා නැත්නම් කළු කඩ කාරයින් කරලා ඒකට සංවර්ධනය කියන එක තමයි නරක.
දෙන්න හදන්නේ කදු මුදුන් වලටත් වැඩේ .අනේ මෙහෙමත් පරයින්
හරි විදිහට බැලුවොත් මෙතුමාගේ උදරයත් මීටර් 200 උස සීමාවට අහුවෙනවා...!!!