(අංජුල මහික වීරරත්න)
සංවර්ධනය ගමට ගෙනයාමේ අරමුණින් රජය අරඹන ලද “කඳුකර දශකය” දස අවුරුදු බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහන සදහා දිස්ත්‍රික් මට්ටමින් යෝජනා ලබා ගැනීම ඇරැඹූ බව නාගරික සංවර්ධ හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
කඳුකර දශකය වැඩසටහන මෙම වසර ඇතුලත දිස්ත්‍රික්ක 10 ක ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කීය.
මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, මාතර, ගාල්ල, කලුතර, බදුල්ල හා කුරුණෑගල දිස්ත්‍රික්කවල එම වැඩසටහන ක්‍රියාත්මකය.
කඳුකර දශකය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 89ක ග්‍රාම නිලධාරී වසම් 4,498ක් හදුනාගෙන තිබේ.මෙම වැඩසටහන සදහා තෝරාගෙන ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 200 ට වඩා වැඩි උසකින් පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වේ.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුදට මීටර් 200ට වඩා උස තැන් 4500ක් සංවර්ධනයට
රංබොඩ Monday, 29 January 2024 01:08 PM
සංවර්ධනය එපා කියනවා නොවෙයි. නමුත් ගස්කොලන් ටික කපලා දාලා සුන්දර ගම්මාන නාගරීකරණය කරලා ගොවිතැන් කරන මිනිසුන් සුද්දන්ගෙ පස්සෙන් යවලා නැත්නම් කළු කඩ කාරයින් කරලා ඒකට සංවර්ධනය කියන එක තමයි නරක.
R.M.Yashodi Rathnayaka Tuesday, 30 January 2024 07:03 AM
දෙන්න හදන්නේ කදු මුදුන් වලටත් වැඩේ .අනේ මෙහෙමත් පරයින්
ග්‍රාම නිලධාරී Wednesday, 31 January 2024 09:34 AM
හරි විදිහට බැලුවොත් මෙතුමාගේ උදරයත් මීටර් 200 උස සීමාවට අහුවෙනවා...!!!