(යොහාන් භාසුර)

රාජ්‍ය අංශයේ සියලු‍ විධායක නිලධාරීන් අද (29) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත සිටීම නිසා බොහෝ රාජ්‍ය ආයතනවල කටයුතුවලට බාධා ඇති වී තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භකර ඇති අතර අද දිනයේ දී රාජ්‍ය අංශයේ සියලු‍ විධායක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සමුළුවක් පවත්වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්.එල්.ඒ උදයසිරි මහතා පැවසීය.  

සමස්ත රටම ආවරණය වන පරිදි සේවා සහ සමාන්තර, දෙපාර්තමේන්තුගත සේවා, විධායක නිලධාරීන් නියෝජනය කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සම්බන්ධ වී සිටින බවත් හිමිකරු සේවය, අධ්‍යාපන පරිපාලන සේවය විද්‍යාත්මක සේවය, ආයුර්වේද වෛද්‍ය සේවය, මිනින්දෝරු සේවය ඇතුළු දෙපාර්තමේන්තු සේවා නියෝජනය කරමින් විධායක නිලධාරින් කොළඹට රැස්වෙලා සමුළුවක් පවත්වන බවත් ඒ මහතා කීය.