(සුජිත් හේවාජුලිගේ)
අධ්‍යන කටයුතු සඳහා විදේශගත වූ විශ්ව විද්‍යාල විසි එකක අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 514 දෙනකු බැඳුම්කර කඩකර රජයට රුපියල් කෝටි 132කට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මේ නිලධාරීන් උසස් අධ්‍යාපනය සඳහා වූ ආයතන සංග්‍රහයේ පස්වෙනි පරිච්ඡේදයෙහි 7වැනි වගන්තිය සහ 2018 දෙසැම්බර් 14 දිනැති අංක 2/2018 විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේඛය අනුව වරදක් කර ඇතැයි එම වාර්තාවේ දැක්වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ 2022 වාර්ෂයේ වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයගේ නම් ගම් එක්කම පුවත්පත් දැන්වීම් මගින් ප්‍රසිද්ධකරන්න. දේශපාලක්යින්ටම ඇඟිල්ල දික්කරාට , රජයේ සේවකයිනුත් ඒ හා සමාන ලෙසම හොරකම් කරන බවට මේකත් හොඳ සාක්ෂියක්.