IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කතරගම අනතුරකින් අයෙක් මරුට පහක් රෝහලට

(ගයාන් සූරියආරච්චි සහ කේ.ඩී.දේවප්‍රිය)

කතරගම සෙල්ල කතරගම මාර්ගයේ පස්සරයාය හංදිය ප්‍රදේශයේදී අද 28 රාත්‍රී වෑන් රථයක් මාර්ගය අසල නවතා තිබූ යතුරු පැදියක ගස් දෙකක හා බූම් ටක් රථයක ගැටී සිදුවූ අනතුරින් වෑන් රථයේ ගමන් කළ පුද්ගලයකු මියගොස් තවත් පස් දෙනකු තුවාල ලබා  කතරගම රෝහලට ඇතුළත් කළ බව කතරගම පොලිසිය පවසයි.

වෑන් රථයේ ගමන් කළ හය දෙනෙකු කතරගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයකු මිය ගොස් තිබේ.

එම අනතුරින් මේ ගොස් ඇත්තේ අවුරුදු 25 කතරගම නව නගරය ප්‍රදේශයේ පදිංචි කරුවකු බව පොලිසිය පවසයි.

සිදුවූ අනතුරින් වෑන් රථයට බරපතල හානි සිදුවී තිබූ අතර අසල්වාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් යොදා වෑන් රථය තුළ සිරවී සිටි පුද්ගලයන් එළියට ගෙන රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය කතරගම රෝහලේ තැන්පත් කර ඇති අතර තුවාල ලැබූවන් පස්දෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.

 



අදහස් (2)

කතරගම අනතුරකින් අයෙක් මරුට පහක් රෝහලට

abaran Monday, 29 January 2024 03:34 AM

අපේ රටේ රියදුරන්ගේ 75% පමණ ඉහල ප්‍රතිශතයක්ම ඉන්නේ නොහික්මුණු රියදුරන් . මේවා පාලනයට කිසිදු පලදායි වැඩපිළිවෙලක් පෙනෙන තෙක් මානයක නැත. වසරකදී කොපමන පිරිසක් රිය අනතුරු නිසා මිය යනවද ? බස් , වැලි ටිපර් , ත්‍රිවිලර් , කන්ටේනර්, බට්ටෝ පමණක් නොවෙයි මේවනවිට තමන්ගේම මෝටර් රථයෙන් කාර්යාලයට යන මධ්‍යම පන්තික උගතුන් පවා රිය පදවන්නේ ත්‍රාඩ විදිහටයි . ඕනෑම පිස්සෙකුට පගාව අරගෙන ලයිසන් දෙන නිලධාරීන් මේවට වැඩි වශයෙන් වග කිවයුතුයි . පොලිසියටත් අවශ්‍ය වෙලා තියෙන්නේ මේවට විසඳූමක් දෙනවට වඩා පාරේ හැංගිලා ඉඳල දඩයක් ලියල ටාගට් කවර් කිරීමයි . හෙට දවසේ ඉබ්බගමුවයි මල්සිරිපුරයි අතරේ හරි හමන් මාර්ග සෝදිසියක් කලොත් රියදුරු බලපත තහනම් කලයුතු මට්ටමේ අවිනීත රියදුරන් අඩුවශයෙන් 100ක් වත් අල්ලාගැනීමට හැකිවේවි . මෙවැනි උදහරන් තව බොහෝයි . බලධාරීන් නින්දේ .

:       0       4

චන්දන Monday, 29 January 2024 07:30 AM

ඔය සෙල්ලකතරගම පාර කියන්නේ පිම්මේ යන්න පුළුවන් පාරක් නෙවෙයි. පාරෙ හැටි දැනගෙන රියදුරන් හික්මීමකින් යනව නම් මෙවැනි අනතුරු 90% වළක්වගන්න පුළුවන්. මෙ වගේ අමනෝඥ රියදුරන් මෙල්ලකරන්න පුළුවන් ට්‍රැෆික් පොලිසියෙ අයට නිරතුරු පරීක්ෂා මගින්.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site