නෙදර්ලන්තයෙන් ගෙනා අපේ උරුමය පෙන්නන්න සූදානම් ලන්දේසි පාලන සමයේ මෙරටින් රැගෙන ගිය නෙදර්ලන්තයේ කෞතුකාගාරවල මේ වන විට තැන්පත් කර ඇති පුරාවස්තුවලින් කිහිපයක් කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කිරීමේ කටයුතු ලබන මස මුල් සතියේදි ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය. 25 November 2023
අය වැයෙන් වැඩි කළ පඩියෙන් කොටසක් ජනවාරි රජයේ සේවකයන් සඳහා අයවැයෙන් යෝජනා කළ පඩි වැඩිවීමෙන් රුපියල් 5000ක් ජනවාරියේ සිට ලබාදීමට රජයේ අවධානය යොමු වී තිබේ. 25 November 2023
වලව ගොවීන්ට වගා හානි වන්දි දීම හෙට යල කන්නයේදී වැඩිම වගා හානි වන්දි වාර්තා වූ වලව කලාපයේ ගොවීන්ට වන්දි මුදල් ප්රදානය හෙට (26) අරඹන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි. 25 November 2023
කෝටි පහක ගිණුමක් පවත්වාගෙන ගිය දෙදෙනකු අත්අඩංගුවට මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් 5,11,12,500 මුදලක් හා රන් පැහැති අත් පළඳනාවක් සමග සැකකරුවකු හා ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකුගේ මවක අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. 25 November 2023
පෙට්‍රල් බෝතල් සිද්ධියට පොලිසියේ දෙන්නාගේ වැඩ තහනම් ත්‍රිරෝද රථයක ඉදිරිපස බුදු පිළිමයක් සහ ඇත්දළ ජෝඩුවක අනුරුවක් තබා ගෙන යෑම රථ වාහන නීතියට අනුව වරදක් බව පෙන්වා දී ඊට දඩ කොලයක් නිකුත් කිරීමෙන් වැළකී ඒ් වෙනුවනට ත්‍රී රෝද රථ රියදුරාගෙන් බලහත්කාරයෙන් පෙට්‍රල් බෝතලයක් ලබාගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂක වරයාගේ සහ පොලිස් සැරයන්වරයා ගේ වැඩ තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 25 November 2023
ජාඇළ අළේ ගිය පී.සීගේ සිරුර හමුවේ පොලිස් අත්අඩංගුවෙන් පලායාමට ජාඇළ ඇළට පැන්න සැකකරුවකු අල්ලා ගැනීමට ඇළට පැන සැඩ පහරට අසුව අතුරුදහන්වු ජාඇළ පොලිසියේ කොස්තාපල් ක්රිෂ්ණමුර්ති පිරිදාපන් (99033) මහතාගේ සිරුර අද(24) සවස මීගමුව කලපුවේ සේදවත්ත ප්‍රදේශයේදී නාවික හමුදාවේ කිමිදුම් කරුවන් සොයා ගත් බව පමුණුගම පොලිසිය පවසයි. 24 November 2023
බළංගොඩ හැටන් පාරේ අවදානම් තැන් බලන්ගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට පඹගොල්ල ප්‍රදේශයේ විශාල පස් කන්දක් කඩා වැටෙිිමෙිි අවදානම් ඇත. 24 November 2023
මැණික් වෙළෙඳහලෙන් මැණික් ඉස්සූ චීන කත සොයයි කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිට මැණික් ගල් විකිණීමේ ව්‍යාපාරික ස්ථානයකින් රුපියල් 8,500,000 වටින් මැණික් ගල් සොරාගත් බව කියන එහි සේවිකාවක වූ චීන ජාතික තරුණියක සොයන බව කුරුඳුවත්ත පොලිසිය කියයි. 24 November 2023
සංජිවගෙන් ලද තොරතරුකින් තවත් ගිනි අවියක් සොයාගනි රැඳවුම් නියෝග යටතේ වීරගුල පොලිසිය රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් සහ පාතාලයකු වශයෙන් හඳුන්වන ගනේමුල්ලේ සංජීව නැමැත්ගෙන් කළ ප්‍රශ්න කිරීමෙන් ලද තොරතරුකර අනුව තලතෙල් හන්දිය ප්‍රදේශයේ බොක්කුවක් අසල කැලෑවක සඟවා තිබූ මයික්‍රෝවර්ගයේ පිස්තෝලයක් සොයාගත් බව බස්නාහිර උතුර දිසා බාර අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි. 24 November 2023
ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි 180 ක විදෙස් ආයෝජන මෙම වසර් මේ දක්වා කාලය තුළ මෙරටට ඩොලර් බිලියන 1.8 ක් හෙවත් ඩොලර් කෝටි 180 ක ආයෝජන ලැබී ඇති බවත් ඉන් ඩොලර් බිලියන 1.5 ක් හෙවත් ඩොලර් කෝටි 150 ක් ඝෘජු විදෙස් ආයෝජන බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. 24 November 2023
උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි අපොස උසස් පෙළ විභාගයේ (2022) නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (24) නිකුත් කළ බවත් එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවියට පිවිස විභාග අංක ඇතුළත් කර ගතහැකි බවත් විභාග දෙපාර්තමේන්තුව පවසයි. 24 November 2023
සජිත්ට-රංජිත්ට එරෙහි පෙත්සම විසිවෙයි සමගි ජනබලවේගය පක්ෂයේ සභාපති සජිත් ප්‍රේමදාස සහ එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුන්ට එම ධුර දැරීමට නිත්‍යානුකූල හැකියාවක් නොමැති හෙයින් එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (24) ප්‍රතික්ෂේප කළේය. 24 November 2023
ඩීසල් භූමිතෙල් වැට් බද්දෙන් නිදහස් ඩීසල් සහ භූමිතෙල් සියයට 18 ක වැට් බද්දෙන් නිදහස් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. 24 November 2023
බ්‍රිගේඩියර චන්දන මේජර් ජනරාල් තනතුරට නිර්දේශ කරන්නැයි නියෝගයක් පාබල හමුදාවේ බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතා මේජර් ජනරාල් තනතුරට උසස් කිරීමට ජනාධිපතිවරයාට නිර්දේශ කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය හමුදාපතිවරයාට අතුරු නියෝගයක් නිකුත් කළේය. 24 November 2023
ශානි කෝටි 100ක වන්දි ඉල්ලයි බොරු චෝදනා මත තමා අත්අඩංගුවට ගෙන අධිකරණය අනිසි ලෙස භාවිතා කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් සිය ආත්ම ගරුත්වයට කළ හානිය වෙනුවෙන් පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ගෙන් රුපියල් කෝටි 100 ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා කොළඹ දිසා අධිකරණයේ අද වන්දි නඩුවක් ගොනු කළේය. 24 November 2023
මහවිරු උත්සව කළොත් වෙන දේ පොලිස්පති අධිකරණයට දන්වයි ලබන 27 වැනිදා සිට ඉදිරි දිනවල පැවැත්වීමට සංවිධානය කොට ඇති අනීතිකව සිදු කරනු ලබන මහවිරු සමරු උත්සව සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධාන අනුව කටයුතු කරන බව පොලිස්පතිවරයා සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර අධ්යක්ෂවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 24 November 2023
වකුගඩු රෝහලට දැමූ තහනම අභියාචනාධිකරණය ඉවත් කරයි වකුගඩු ජාවාරම සිදු කරන ලදැයි චෝදනා ලැබ සිටින පෞද්ගලික රෝහලේ සැත්කම් කිරීම තහනම් කරමින් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති ලිපිය බල රහිත කරන රිට් ආඥාවක් අභියාචනාධිකරණය නිකුත් කළේය. 24 November 2023
ජනපතිගෙන් සුමන්තිරන්ට පිළිතුරක් ව්‍යවස්ථා දායක සභාව පාර්ලිමේන්තුවේ කොටසක්ද? නැද්ද? කියා පාර්ලිමේන්තු කමිටුවක් දමා සොයා බලමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. 24 November 2023
පාඨලීගේ නඩුවට අතුරු නියෝගයක් 2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ අපරීක්ෂාකාරීව රිය පදවා රිය අනතුරක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනු කොට ඇති නඩුව විභාගයට ගැනීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය 24 November 2023
ඊශ්‍රායල් යුද්ධයට විරෝධය දැක්වූ 5ක් අත්අඩංගුවට නිදහස් පලස්තීනයක් වෙනුවෙන් ජන අරගල ව්‍යාපාරය කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට කළ උද්ඝෝෂණයේදී ජන අරගල ව්‍යාපාරයේ සාමාජිකයින් 5 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. 24 November 2023
ඩොල්ෆින් නුවනින් කකුළු දිවි බේරෙයි බටහිර ඕස්ට්‍රේලියාවේ කකුළුවන් අල්ලා ගැනීම සඳහා පුද්ගලයන් මුහුදට දමන කකුළු උගුල්වල තිබෙන ඇම ඩොල්ෆින් මත්ස්‍යයින් කණ්ඩායමක් බුද්ධිමත් ලෙස සොරකම් කරන අයුරු ප්‍රථම වරට මුහුද යට කැමරාවලට හසු වී ඇත. 24 November 2023
එමිරේට්ස් ඊශ්‍රායලයට ගුවන් ගමන් නවත්වයි එමිරේට්ස් ගුවන් සේවය ඊශ්‍රායලය වෙත සිදු කෙරෙන සිය ගුවන් ගමන් මෙහෙයුම් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිහිටුවා ඇති බව එමිරේට්ස් නිල වෙබ් අඩවිය නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබේ . 24 November 2023
අපේ මුහුදෙන් යන නැව්වලින් ඩොලර් උපයන්න පනතක් එයි ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයෙන් යාත්‍රා කරන නෞකා වලින් වාර්ෂිකව රටට ඩොලර් මිලියන 200ක් උපයා ගැනීමට හැකි “විද්‍යුත් නාවික සිතියම්” (Electronic Navigation Charts) නිර්මාණය කිරීමට අවශ්‍ය ජාතික ජලශාස්ත්‍රීය පනත සංශෝධනය කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. 24 November 2023
ටෙලිකොම් සේවකයෝ කොළඹ විරෝධතාවක ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි ටෙලිකොම් සේවකයෝ කොළඹ කොටුවේ පිහිටි ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය අසළ පැමිණ ටෙලිකොම් ආයතනය පෞද්ගලිකරණය කිරීමට විරෝධය දක්වමින් අද (24) උද්ඝෝෂණයක් පැවැත්වූහ. 24 November 2023
විදුලි බිලට රීලෝඩ් ක්‍රමයක් හදන්න විදුලි බිලටත් රීලෝඩ් ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නැයි පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 November 2023
’’ලංවිම’’ ගිනිපොලීකාරයෙක්ට අන්තයි විදුලිය නිපදවන්නට යන පිරිවැයට වඩා 12 ගුණයකට විදුලිබල විදුලිබල මණ්ඩලය ජනතාවට විදුලිය විකුණමින් සිටින බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 24 November 2023
ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පහළට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (23) රැස්වූ අවස්ථාවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 100 කින් අඩු කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. 24 November 2023
අම්පාර රෝහලේ වෛද්‍යවරයකු අභිරහස් ලෙස මියගිහින් අම්පාර මහා රෝහලේ අක්ෂි වාට්ටුවේ සේවය කරන වෛද්‍යවරයකු ඔහු නැවති සිටි පෞද්ගලික නේවාසිකාගාරයේ ඇඳ මත මියගොස් සිටියදි හමුවි ඇති බව අම්පාර පොලිස් ස්ථානයේ උසස් පොලිස් නිළධාරියෙක් පැවසිය. 24 November 2023
ජනපතිගේ චෝදනාව ගැන කතානායකගෙන් ප්‍රකාශයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව සාමාජිකයන් ඉදිරි සති දෙක තුළ පත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද(24) පැවසීය. 24 November 2023
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026