ෂෙයික් හසීනාට නඩු පිට නඩු බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට එරෙහිව නඩු පිට නඩු වැටෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කළේය. හසීනාට සහ අවාමි ලීගයේ අමාත්‍යවරුන් කීපදෙනෙකුට එරෙහිව විවිධ පාර්ශ්ව විසින් නඩුකර කීපයක් ගොනුකරනු ලැබ ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය සඳහන් කළේය. 15 August 2024
අඹ ගෙඩියක් 2,85,000 කට වෙන්දේසි වෙයි වවුනියාව උක්කුලාංකුලම් ශ්‍රී සිද්ධ විනයාගර් කෝවිලේ වාර්ෂික මංගල්‍යයේදී එහි වෙන්දේසියට තබා තිබු අඹ ගෙඩියක් රුපියල් 2,85,000 ක මුදලකට වෙන්දේසි වී තිබේ. 15 August 2024
ඇඟලුම් බසය-සිසු සැරිය ගැටී 19 ක් රෝහලේ අනුරාධපුර,පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ශ්‍රාවස්තිපුර හන්දිය ආසන්නයේදි පාසල් සිසුන් රැගෙන යමින් සිටි සිසු සැරිය බස් රථයක් හා ඇගලුම් සේවිකාවන් රැගෙන යමින් සිටි බස් රථයක් එකිනෙ ගැටිමෙන් ගැටිමෙන් පාසල් සිසුන් සිවු දෙනෙකු,කාන්තාවන් ඇතුළු පුද්ගලයන් 19 දෙනෙකු තුවාල ලබා අද (15) රෝහල් ගත කළ බව අනුරාධපුර පොලිසිය කියයි. 15 August 2024
නායකයා අනිවාර්යයෙන් වෙනස් විය යුතුයි ශ්‍රී ලංකාවේ නායකත්වය අනිවාර්යෙන්ම වෙනස් විය යුතු බවත් ජනතාව මෙවරද වරදගතහොත් දැඩි දුක්ඛිත තත්ත්වයකට පත්වීමට සිදුවන බවත් ජනාධිපතික අපේක්ෂක ඒ.එස්. පී. ලියනගේ මහතා නාමයෝජනා භාරදීමෙන් පසුව පැවසීය. 15 August 2024
සජබ මන්ත්‍රී වේලු කුමාර් ජනපතිට සහය දෙයි සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සඳහා එක් විය. 15 August 2024
වඳවූ සතුන්ගේ පොසිල අරුවක්කාලුවේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත පුත්තලම අරුවක්කාලු මයෝසීන හුණුගල් නිධිය ආශ්රිත ප්‍රදේශය සුරක්ෂිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 15 August 2024
තණමල්විල සිසුවියගේ සිද්ධියට තවත් සිසුන් තුනක් අල්ලයි තණමල්විල ප්‍රදේශයේ පාසැලක ඉගෙනුම ලබන 14 හැවිරිදි පාසැල් දැරියක් ලිංගික අතවරයට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පාසැල් සිසුන් තිදෙනකු ද ලුණුගම්වෙහෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය . 15 August 2024
නාමයෝජනා දෙන්න ඇවිත් (වීඩියෝ සහිතයි) ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් 40 න් අපේක්ෂයන් 39 ක් නාම යෝජනා භාර දුන් බව මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් නිවේදනය කළේය. 15 August 2024
රනිල්ට ජය පැතූ ජය පිරිත මැකෝ නවත්වයි ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ජය පැතීම වෙනුවෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ඊයේ (14) පස්වරුවේ භික්ෂූන් වහන්සේලා පන්සිය නමකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධාන කෙරුණු ජය පිරිතක් මැතිවරණ කොමිෂන් සභාවේ නියෝගයෙන් නතර කෙරිණ. 15 August 2024
අදත් තැනින් තැන වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 15 August 2024
සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහය සජිත්ට මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදුර්දින් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කළ බව එම පක්ෂයේ ප්රකාශයෙක් පැවසීය. 14 August 2024
අවසන් කුඹල් පෙරහර අද කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් කුඹල් පෙරහැර අද (14) වැනි දින වීදි සංචාරය කෙරිණි. 14 August 2024
අ‘පුරේ සංචාරක හෝටල් 25 ක් බැංකුවලට සින්න වෙලා සංචාරක හෝටල් ඇපයට තබා බැංකු වලින් ලබාගත් ණය මුදල් ආපසු ගෙවා ගැනිමට අපොහොසත් විම නිසා අනුරාධපුර පිහිටි ප්‍රධාන පෙලේ සංචාරක හෝටල් 25 කට ආසන්න ප්‍රමාණයක් එම මුල්‍ය ආයතන විසින් අත්පත් කරගෙන ඇතැයි අනුරාධපුර සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති ඩේමියන් ප්‍රනාන්දු මහතා පවසයි. 14 August 2024
බන්ධනාගාරයට කෝටි 98ක ඔ.ටී ගෙවලා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පසුගිය වසරේදී අතිකාල හා නිවාඩු දීමනා ගෙවීමට රුපියල් කෝටි 98 කට වැඩි මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 14 August 2024
තණමල්විල දැරිය පරීක්ෂා කළ වෛද්‍යවරයා ගැන පරීක්ෂණයක් තණමල්විල දැරිය පිරික්සූ හම්බන්තොට මහ රොහලේ වෛද්‍යවරයා සම්බන්දයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවෙන් හා රෝහල් මට්ටමින් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බව හම්බන්තොට මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අධිකාරී අයන්ති ජයවර්ධන මහත්මිය සඳහන් කළාය. 14 August 2024
විජයදාසට මෛත්රිගේ සහය නෑ ජනාධිපති අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහාය අවිනිශ්චිත දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ. 14 August 2024
ලොක්කෝ තවත් 10ක මැතිසභා අනුමැතිය නව තානාපතිවරුන් 06 දෙනකු මහ කොමසාරිස්වරයකු , අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනකු සහ ව්‍යවස්ථාපිත ආයතන සභාපතිවරයකු පත්කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබාදී ඇත. 14 August 2024
ඉලක්කය වැරදී වෙඩික්කරු පැන යයි හික්කඩුව නගරයේදී ත්‍රිරෝද රථ රියදුරෙකුට අද (14) පස්වරුවේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු වෙඩි තැබීමට ගත් උත්සාහය ව්‍යර්ථව ගොස් ඇති බව හික්කඩුව පොලීසිය කියයි. 14 August 2024
ජනපති බංග්ලාදේශ නව අගමැතිට සුබ පතයි බංගලාදේශයේ නව අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ මුහම්මද් යුනුස් මහතාට දුරකථනයෙන් ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම උණුසුම් සුබපැතුම් පිරිනැමීය. 14 August 2024
අතාවුල්ලාගේ සහාය ජනපතිට ජාතික කොංග්‍රසය පක්ෂයේ නායක දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එල්. එම්. අතාවුල්ලා මහතාගේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බවට දැනුම් දී තිබේ. 14 August 2024
පොහොර හබේ දුරදිග ගිහින් කෘ.ප.නි.ස නිලධාරීනියන්ට පහර දීලා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරිණියන් දෙදෙනෙකුට පලුගස්වැව නගරයේදි අද (14) පහරදි තුවාල සිදුකළැයි පැමිණිල්ලක් ලැබී ඇතැයි හබරණ පොලීසිය කියයි. 14 August 2024
ජනකට පක්ෂය දෙන්න ලක්ෂ 300ක අල්ලසක් ගන්න හදලා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදුජන පක්ෂයෙන් නාමයෝජනා දීමට රුපියල් ලක්ෂ 300 ක අල්ලස් මුදලක් ගනිද්දී එම පක්ෂයේ ලේකම්වරයා ඇතුළු විධායක සභිකයන් කීපදෙනකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් මීට සුළු මොහොතකට පෙර පැවසීය. 14 August 2024
හංසයා ජනපතිට නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ (හංසයා) පක්ෂයේ සහය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට තීරණය කර තිබේ. 14 August 2024
පාඨලිගේ සහය සජිත්ට එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මහ එම පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමට තීරණය කර තිබේ. 14 August 2024
ඡන්ද පත්‍රිකාව ටිකක් දිගු වෙයි ඡන්ද පත්‍රිකාව පරණ විදිහටම මුද්‍රණය කිරීමට උත්සාහ දරන බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය ලංකාදීපයට පැවසුවාය. 14 August 2024
ජනපති නාමයෝජනාවට අත්සන් තබයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී ජනාධිපතිවරණ නාමයෝජනා පත්රවලට අද අත්සන් තැබීය. 14 August 2024
සල්ලි දෙන්න බැරි නම් වී අලෙවි මණ්ඩලය පවරා ගන්න මෙවර යල කන්නයේ දී වී මිල දී ගැනීමට මුදල් ලබා නොදෙන්නේ නම් වී අලෙවි මණ්ඩලය වහාම තමාගේ විෂය පථයෙන් ඉවත් කර මුදල් අමාත්‍යාංශයට පවරා ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට ලිපියකින් දන්වා තිබේ. 14 August 2024
‘‘ඩිජිටල් ගැන කතා කළාට ඇත්තේ කැත දේශපාලනයක්‘‘ ඩිජිටල් තාක්ෂණය ගැන කතා කළත් රට වෙලාගෙන පවතින දූෂිත කැත දේශපාලන ක්‍රමය අවසන් කළ යුතුව ඇතැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කොළඹදී පැවසීය 14 August 2024
දැරියගේ අතවරය වසන් කළ විදුහල්පති ඇතුළු සිවු දෙනාට ඇප පාසල් දැරියක දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සියලු තොරතුරු දැනගෙනත් එම තොරතුරු පොලිසියට වසන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තණමල්විල ජාතික පාසලේ විදුහල්පතිවරයා ඇතුළු තිදෙනා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හරින්නැයි වැල්ලවාය දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් චතුර ඊ දිසානායක මහතා නියෝග කළේය. 14 August 2024
මාලඹේ දෙන්නා මළේ අයිස් හදන්න ගිහින්? මාලඹේ කහන්තොට පාර ප්‍රදේශයේ ජයන්ති මාවත නිවසක් තුළ දී විෂ දූමයක් නිසාවෙන් දෙදෙනෙකු මියයාම පිළිබඳව සිදුකළ පරීක්ෂණයේදී අදාළ රසායනික ද්‍රව්‍ය භාවිතා කර නිවස තුළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට කටයුතු කළ බවට සැක පහළ කළ හැකි කරුණු රැසක් අනාවරණය වී ඇතැයි මාලඹේ පොලිසිය පවසයි. 14 August 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026