
(අංජුල මහික වීරරත්න)
බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
බස් රථ වල ගමන් කරන විට මුදල් ලබාගෙන ටිකට් නොදීම, ඉතිරි මුදල් නොදීම, අපහසුතාවයට පත්වන අයුරින් ඇමතීම වැනි අවස්ථාවලදී ඒ පිළිබඳ 1955ට දැනුම් දෙන ලෙස ජාතික ගමනා ගමන කොමිෂන් සභාව ඉල්ලා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
95% ක් බස්වල ටිකට් දෙන්නෙ නැහැ.100, 138, 190, 170, 177 කිපයක්. දැන් එක පාරටම ඔබතුමාලා නින්දෙන් ද නැගිට්ටේ. ආණ්ඩුව මාරු වුණාම ජනතාවට තාවකාලික චුන් එකක් දෙන්නද නින්දෙන් නැගිටලා ආවේ.
ඔය බස් වල රියැදුරන් කොන්දොස්තර වරුන්ට විනයගරුක වෙන්න කියලා දීලා, නිල ඇඳුමක් ලබා දීලා ඒ වෘත්තීය ගෞරවයක් සහිතව කරන්න ඉඩකඩ හදලා දෙන එක හොඳයි නේද..?
මීට අමතරව කරන්න පුලුවන් වැඩක් තියෙනවා. බස් වලට කොට කොටා යාම තහනම් කරන්න ඕන. හෝල්ට් වල නවත්තගෙන ඉන්න එක නවත්තන්න ඕන. මම යන 163 දෙහිවල විදේශ සේවා බස් එක තැන් 4ක නවත්තගෙන ඉන්නවා. කොස්වත්ත බත්තරමුල්ල නුගේගොඩ කලුබෝවිල . එක තැනක විනාඩි 10ක් විතර ගත්තත් විනාඩි 40ක් . ඊට අමරතව කොට කොටා හාමෙන් තවත් විනාඩි 10ක් ගත්තත් විනාඩි 40ක් 50ක් බස් එකේ සියලුම් මිනිස්සුන්ගේ කාලය නිරපරාදේ මහමග. කරන්න පුලුවන් අනිත් දේ තමයි මොන පාරක උනත් බස්වලට පමණක් උදේට හවසට ප්‍රමුකතා තීරුවක් දෙන එක. මේ ක්‍රමෙන් වාසි ගොඩක් තියෙනවා. එකක් තමයි තෙරපිලා දහඩිය දාගෙන බස්වල යන දුප්පත් සාමාන්‍ය මිනිස්සුන්ට ඒ කාලය අඩුවෙනවා. කාර් එකට කලින් බස් එකේ යන අය ඉක්මන්ට ගෙවල් වලට යාම ප්‍රසිද්ධ වෙනකොට කාර් එකේ යන මනුස්සයත් කල්පනා කරනවා බස් එකේ ගෙදර යන්න. එතකොට බස් හෝල්ට් වල නවත්තගෙන ඉන්න ඕන නැති උනත් බස්වලට සෙනග ඉන්නවා. වාහන ප්‍රමාණය පාරේ අඩුවීමෙන් ට්‍රැෆික් එකත් අඩුවෙනවා. ඩොලර් වැය කරල තෙල් ගේන ප්‍රමාණයත් අඩු වෙනවා. මේවා බලෙන් හරි නීති ගෙනත් කරන්නම ඕන දෙයක්. මේක ටික කාලයක් ක්රල බලන්න පුලුවන් සාර්ථක වෙනවද කියලා.
බස් එක ඇතුලේ සංගීත සන්දර්ශන නවත්වන්න. කන් දෙකට නිදහසක් ලබා දෙන්න.
ඇත්තටම 1955 ට ගත්තට ආන්ස්වර් කරන එකක් නැහැ. අනික මේ ලංකාවේ සක්කරයගේ පුතා වයිමා ආවත් ඕවනම් හදන්න බැහැ ඉන්න බස් කාරයෝ එක්ක.
කොන්දොස්තරට කියන්න කකුලක් ගහන්න ඉඩ නැතිවෙන්න බස් එක පිරෙන්නම පටෝලා ඒ පස්සේ සල්ලි ඉල්ලන්න මැදින් එහාට මෙහාට යන්නේ නැතිව දොරවල් ගාව ඉදගෙන ටිකට් කඩන්න කියලා
අනේ මේ මොකද එක පාරටම එළියට ඇවිල්ලා, පුළුවන් නම් බස් චෙක්කරලා අර සීට් ගලවලා වැඩිපුර එකතු කරපු සීට් පේලි ඉවත් කරන්න. වාඩිවෙලා කකුල්දෙක තියාගන්නවත් බෑ. 190 170 විනාඩි ගණන් නැවත ගෙන ඉන්නවා. බස් නැවතුම් වල පුදුම දුකක් දවල් රස්නේ වෙලාවට ඇතුලේ ඉන්න අය විඳවන්නේ...!
බස් ගැන කතා කරන්න නම් මාස ගානක් ඕනැ වෙයි. ඒත් ඉක්මණින්ම රාත්‍රී කෙටි ගමන් බස් සේවාව පටන් ගන්න ඕනේ. අනික අර ගඳ රෙදි කෑලි එල්ලගෙන වැඩි ගානක් අය කරන සෙමි ලක්ෂරි බස් නවත්තන්න ඕනෙ...
දුරකථන අංකය හඳුන්වාදීම හොඳයි. ඒ වගේම ලංකාව පුරා බස් මගීන් සහභාගි කරගෙන, සර්වේ එකක් කරලා වැඩිපුරම අවධානය දෙන්න ඕන ඒවා හොයලා ඒවයින් තෝරා ගත්තු කාරණාවලට මුලින්ම උත්තර දුන්නා නම් හොඳයි....
පෞද්ගලික බස් මාෆියාව මකලා අලුතෙන් හදන්න ඕනා.රුපියල් 27 ගාස්තුවට රුපියල් තිහක් දූන්නත් සීයක් දුන්නත් රුපියල් තුනක් අඩුවෙන් දෙන්නේ. පෞද්ගලික බස්රථ වලින් සීයට අනූ නමයකයට වඩා ටිකට් එකක් දෙන්නේ නැහැ.හිතුනු හිතුනු තැන්වල නවත්වාගෙන ඉන්නවා, බොහෝ කොන්දොස්තරවරන් මගින්ට කතා කරන්න දන්නේ නැහැ. ඒ නිසා මේක අලුතෙන්ම හදලා ගන්න ඕනා. ඒකට මුලින්ම මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ඉන්න හොරුන්ව පන්නලා ඉන්න ඕනා.
බස් කොටන එක කොටනවා හොඳටම. ඉතුරු සල්ලි දෙන්නේ නෑ. ටිකට් නෑ. ඕවා හොයන්න පාරේ ඉන්න අය බස්වලින් සල්ලි අරන් පාඩුවේ ඉන්නවා. ඒ මදිවට කන්දොස්කිරියාව. කනක් ඇහිලා පාඩුවේ බස් එකේ යන්න බෑ. පෙර ගැනුම් කාඩ් හදලා දුන්නා නම් කොන්දොස්තරට මාටියා ගහන්න බෑ...
නිකන් බොරු වැඩ කරන්න එපා. මහා ලොකුවට පම්පෝරි ගැහුව බස්වල සිවිල් ඇඳුමෙන් සැරසිලා ඉන්න පොලිස් නිලධාරින් ඉන්නවා කියලා. හැබැයි 176/103 නාරාහේන්පිට බස්වල ඉන්න කුඩ්ඩෝ ටිකයි, මැරයෝ ටිකයි හිතේ හැටියට රේස් යන ගමන් මිනිස්සුන්ට බල්ලන්ට වගේ දාලා සලකන්නේ. කොච්චර පැමිණිලි කෙරුවත් කිසිම වැඩක් නෑ. වගකීමන් කියන්නේ 103 නාරාහේන්පිට බස්වල කොන්දොස්තරලා බහුතරයක්ම කුඩු අයිස් ගංජා පානය කරන අය...
මේ ගැන කීපාරක් එක එක ආණ්ඩු කතා කළාද..? මේ වගේ නොම්මර කීයක් දුන්නද, මිනිස්සුන්ට සෙතක් වුනාද.. මේකට ප්‍රධාන හේතුව නුගත් රස්තියාදු කාරයෝ ටිකක් අතට ලංකාවේ මිනිස්සුන්ගේ ප්‍රවාහන සේවාව ගියා.. හොඳට හොයලා බලන්න බස් අයිති මිනිස්සු ගැන... 90%ක් ඉන්නේ පාතාල චන්ඩි, ඇමැති හෙන්චයියෝ, පළාත් පාලන මන්ත්‍රිලා, බාර් අයිති අය.. කිසි චාරයක් නැති තුට්ටු දෙකේ සින්දු කන පැලෙන්න දාපු බස් වල උදේ පාන්දර පාසල් ළමයෙක්ට යන්න බෑ. මිනිහෙක්ට රස්සාවට යන්න නෑ නිදහසේ.. මේක තමයි ඇත්තටම තත්වේ පොදු ප්‍රවාහනේ .. කරුණාකරලා මේ ඩිස්කෝකාරයින් ටික පොදු ප්‍රවාහනෙන් අයින් කරලා පුනරුත්ථාපනේ කරන්න.
මේ නීති ක්‍රියාත්මක කරන්න මුදල් අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තුවේ බලයක් අවශ්‍යත් නැහැ. කරනවා නම් හෙට ඉඳලා කරන්න පුළුවන්...!