(නිමල කොඩිතුවක්කු)

පූර්ව දැනුම්දීමකින් හෝ එකඟතාවකින් තොරව තිරිඟු පිටි මිල රු. 13කින් ඉහළ දැමීමට එරෙහිව දිවයින පුරා වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

වැඩි මිලට තිරිඟු පිටි අළෙවි කරන්නන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවද එහි සභාපති හේමන්ත සමරකෝන් මහතා ප්‍රකාශ කළේය.

තිරිඟු පිටි මිල රුපියල් 13කින් ඉහළ දමා ඇති බවට පාරිභෝගික අධිකාරිය දැනුම්වත් වූයේ මාධ්‍ය වාර්තා මගින් බවද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා පැවසීය.