
(අංජුල මහික වීරරත්න)
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය මෙම තීරණය ගනු ලැබූයේ පසුගිය දිනවල පක්ෂ ජ්‍යෙෂ්ඨයන් කළ සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙසිනි.
මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ගෑස් සිලින්ඩරය ලකුණින් සන්ධානගතව තරග කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුංචි ඡන්දය සඳහා නාමයෝජනා කැඳවා අවසන් නිසා බලාපොරොත්තුව ඉෂ්ඨ වෙන එකක් නැහැ..!
ගොඩක් හොඳ අදහසක්... අපිට ගොඩක් සතුටුයි...
අලියා පිට ආවට, හෙණ්ඩුව ඇත්තේ අපේ අනුර සහෝදරයා අතේ. මේ පාර අලින්ට බෙටි දාගෙන කැලේට දුවන්න වෙනවා...
මොන ලකුණෙන් ඉල්ලුවත් රනිල් ඉන්නකම් මිනිස්සු ඔය පක්ෂෙට ඡන්දෙ දෙන්නේ නැහැ. ඡන්ද දෙන්න ඕනේ තරම් ඔයට වැඩි පක්ෂ තිබෙනවා. පුද්ගලයින් ඉන්නවා. නාකි හොරු අපට එපා...
එතකොට අර කප්පම් ප්‍රසන්නලා ඇතුළු සිලින්ඩර් කට්ටිය කාටද වැඩ කරන්නේ. ඔවුන්ට නම් අතගහපු අත්තත් නෑ, පය ගහපු අත්තත් නෑ. හැබැයි දිට්ඨධම්ම වේදනීය කර්මය පළ දෙන්නේ...
සිලින්ඩරයට මොකද වුණේ?
පුංචි ඡන්දයට පෙර පැවැත්වෙන මහ ඡන්දයටම අලියා ලකුණින් ඇවිත් බලන්නකෝ මොකද වෙන්නේ කියා...? ජනවිඥාණය නොහඳුනන එජාපය නැමැති අති දැවැන්ත පක්ෂයේ කීර්තිනාමය නැත්තටම නැතිකළ, බිංදුවටම ඇද දැමූ ජේෂ්ඨයින් යැයි කියාගන්නා, කියවාගන්නා සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම්, රවී කරුණානායක, අර ගාල්ල පැත්තේ සිටින පක්ෂ සභාපති වජිර අබේවර්ධන කියනා මේ පිරිස තමයි පක්ෂයට සහ පාක්ෂිකයාට ලොකුම සාපය, ද්‍රෝහිකම කළේ. නැතිනම් රනිල් මහත්තයා ඉවත්වෙලා ගිහිල්ලා ගොඩක් කල්. එහි විපුල ප්‍රතිඵලය තමයි 3% අය ජනාධිපති වීම සහ පක්ෂය නැත්තටම නැතිවීම. පාක්ෂිකයාට අවුරුදු 30ක සාපයක්, තදබල අපල කාලයක් උදාවීමට හේතුව...!