උසස් පෙළ සිසුවාගේ පොත්පත් ගිනි තබා විනාශ කරලා මෙවර ගණිත අංශයෙන් අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත මැදිරිගිරිය ජාතික පාසලේ සිසුවෙකුගේ සියලු පොත්පත් ආදිය ගිනිතබා විනාශ කළ බව කියන පුද්ගලයෙකු ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි. 14 August 2024
තරුණයකුගේ සිරුරක් ඉහළ කොත්මලා ජලාශයේ තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයේ පාවෙමින් තිබු තරුණයෙකුගේ මළසිරුරක් අද (14) සොයා ගත් බව තලවකැලේ පොලීසිය පවසයි. 14 August 2024
රනිල්ගේ අපේක්ෂකත්වයට එරෙහිව නීතිඥයෙක් උසාවි යයි ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරග කිරීම වළකාලන අතුරු නියෝගය නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත 14 August 2024
මොටර් රියක් කෝච්චියේ ගැටිලා කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොස්ගම අලුත් අම්බලම දුම්රිය හරස් මාර්ගයකදී අද (14) දින දහවල් දුම්රිය මෝටර් රථයක ගැටී සිදු වූ අනතුරින් මෝටර් රථයට දැඩි හානි සිදුව ඇතැයි කොස්ගම පොලිසිය පවසයි. 14 August 2024
හොරෙන් ගෙනා සැප වාන දෙකක් අල්ලස් කොමිසමට බාර දෙයි ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවූ ලෑන්ඩ් කෘෘෂර් රථයක් සහ පැජරෝ රථයක් එහි හිමිකරුවන් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකයට බාරදී ඇත. 14 August 2024
පොදුජන පෙරමුණේ සහයත් රනිල්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30 ක් පමණ ඇතුළත්ව සිටින පොදුජන එක්සත් පෙරමුණ එළඹෙන ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වන බව එම පෙරමුණේ නායක අනුර ප්‍රියදර්ශන යාපා මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය. 14 August 2024
’’මා නොහිටින්න ජනපතිවරණෙකුත් නෑ’’ 2022 ජූලි මාසයේදී රටේ නීතිය හා සාමය ස්ථාපිත කළ නිසා 2024 සැප්තැම්බර් 21දා ඡන්දය භාවිත කර ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට රටේ ජනතාවට අවස්ථාව ලැබී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 14 August 2024
සීගිරියේදී බඹරු ඇන 70 ක් රෝහලේ සීගිරිය සිංහ පාදය අභියදී බඹරුන් දෂ්ඨ කිරීමෙන් දෙස් විදෙස් සංචාරකයන් 70 දෙනකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි 14 August 2024
ඊලෝන්ට - රෝලිංට ඉමානේ කෙලීෆ් නඩු දමයි තමන් පිරිමියෙක් යැයි පවසමින් අන්තර්ජාලය තුළ සටහන් තබමින් අපහාසයක් කළා යැයි චෝදනා කරමින් ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ට සහ ප්‍රසිද්ධ ලේඛිකාවක වන ජේ. කේ. රෝලිංට නඩු පැවරීමට පසුගියදා අවසන්වූ ඔලිම්පික් තරඟාවලියේදී බොක්සිං ක්‍රීඩා ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකාවක වන ඉමානේ කෙලීෆ් කටයුතු කළාය. 14 August 2024
ඩිල්ශාන්ගේ සහය සජිත්ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ හිටපු නායකයකුවන දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක් එක්විය. 14 August 2024
මීමැස්සන් දෂ්ට කර ගොවියෙක් මරුට තම නිවෙසේ තිබූ මී මැසි පෙට්ටියේ මී වදයක් කැඩීමට ගිය අවස්ථාවේ මී මැස්සන්ගේ ප්‍රහාරයකට ලක් වූ 65 හැවිරිදි ගොවියකු මිය ගිය බව අනුරාධපුර පරසන්ගස්වැව පොලිසිය පැවැසීය 14 August 2024
තැපැල් ඡන්දෙට දින තුනක් මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රධ භාවිතා කිරීම සැප්තැම්බර් මස 04 05 සහ 06 දිනවල සිදුකරන බව මැතිවරණ කොම්ෂන් සභාව නිවේදනය කරයි. 14 August 2024
අධිවේගයේ පෙරැලුණු වෑන් රියට යටවී දැරිය මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 74.දශම 2 ඇල්පිටිය ප්‍රදේශයේදී වෑන් රථයක් පෙරළී එයට යට වීමෙන් කුඩා දැරියක මියගොස් තවත් කුඩා දරුවන් ඇතුළු වැඩිහිටියන් කීප දෙනෙකුද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි. 14 August 2024
නිධන් සෙව් 4ක් අත්අඩංගුවට ගල්නෑවේ වී මෝලක් අසල පිරිසක් නිධන් හාරන බවට ලැබුණු තොරතුරකට අනුව, පෞද්ගලික ඉඩමක බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් කැනීම් සිදු කරමින් සිටි පුද්ගලයන් හතර දෙනකු, එම කැණීම සඳහා භාවිතා කල උපකරණ සමග අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි. 14 August 2024
ලෝක සරසවි එක්ක අත්වැල් බැඳ ගන්න යයි ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල හා විදේශීය විශ්ව විද්‍යාල අතර අධ්‍යාපනික සහයෝගීතාව අරමුණු කර ගනිමින් අවබෝධතා /සහයෝගීතා ගිවිසුම් වලට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 August 2024
ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටී දෙදෙනෙක් රෝහලේ අධිකරණ නියෝගක් මත කඩමින් සිටි ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටිමෙන් එම ස්ථානයේ සේවය කරමින් සිටි දෙදෙනකු තුවාල ලබා දික්ඔය රෝහලට ඇතුලත් කර ඇතැයි පොලීසිය කියයි. 14 August 2024
පොදුජන එක්සත් පෙරමුණට නව නායකයෙක් පොදුජන එක්සත් පෙරමුණේ නව නායකයා ලෙස අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත්කළ බව එම පක්ෂය මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් නිවේදනය කළේය. 14 August 2024
ජනක රත්නායක ඇප තියයි මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කෙරිණ 14 August 2024
වන අලි නගරයට පැමිණීමෙන් දඹුල්ල-සීගීරිය ප්‍රශ්න රැසක් වන අලි ගැටලුව හේතුවෙන් දඹුල්ල හා සීගිරිය සංචාරක ප්‍රදේශ වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාවට ද තර්ජනයක් වී ඇතැයි දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතා පවසයි. 14 August 2024
ජපන් අග්‍රාමාත්‍ය කිෂිඩා ධුරයෙන් සමුගන්න සූදානම් පාලක ලිබරල් ඩිමොක්රටික් පක්ෂයේ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද තමන් ඉවත් වීමට තීරණය කළ බව ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ටෝකියෝ අගනුවර දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය. 14 August 2024
නාමල් - විජයදාස - දිලිත් නාම යෝජනා අත්සන් තබති ආචාර්ය විජයදාස රාජපක්ෂ, දිලිත් ජයවීර සහ නාමල් රාජපක්ෂ යන ජනාධිපති අපේක්ෂකයෝ සිය නාම යෝජනා පත්රවලට අද (14) අත්සන් තැබූහ. 14 August 2024
ඔලිම්පික් ගිය පිරිස සෝදිසියට දකුණු කොරියා බලු සුරතලෙක් ප්‍රංශයේ පැරිස් අගනුවර ඔලිම්පික් උළෙලට සහභාගී වී ආපසු දකුණු කොරියාවට ආ, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු ඔලිම්පික් කණ්ඩායමේ ගමන් මලු ඇතුළු බඩු බාහිරාදිය, සෝල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී සෝදිසි කිරීමකට ලක් කෙරුණි. 14 August 2024
ඇටෙන් පොත්තෙන් ආ ගමන් ගිනි අවිය ගෙන පොලිස් දැලේ නිතී විරෝධිව මෙරට නිෂ්පාදිත බෝර දොළහේ පතුරොම් තුවක්කුවක් රැගෙන දඩයමේ යමින් සිටි 17 හැවිරිදි සිසුවෙක් ඇහැටුවාගමදි අත්අඩංගුවට ගත්බව නොච්චියාගම පොලිසිය කියයි. 14 August 2024
ටයිකොන්ඩෝ ශූරයෝ කටුනායකට මැලේසියාවේ පැවති 16 වන විවෘත ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් එහිදී රන් පදක්කම් 13 ක් , රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 05 ක් දිනා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 14 August 2024
වේගයෙන් ආ මෝටර් රියක් වෙළඳසැලේ නවතී නුවරඑළියේ සිට කොළඹ දක්වා අධික වේගයෙන් ධාවන වු මොටර් රථයක් හැටන් කොටගල නගරයෙදි වෙළදසැලක් තුලට කඩා වැදිමෙන් එම මොටර් රථයේ ගමන් ගත් රියදුරා තුවාල ලබා කොටගල ප්‍රදේශිය රොහල වෙත ඇතුලත් කළ බව දිඹුලපතන පොලීසිය කියයි. 14 August 2024
දෙපිරිසක ගැටුමෙන් බෝට්ටු තුනක් අළු වෙයි යාපනය සෙන්දන්කුලම් ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අනතුරුව එම වෙරළ තිරයේ නවතා තිබු ධිවර බෝට්ටු 03 කට ගිනි තබා විනාශ කර ඇති බව ඉලවාලෙයි පොලිසිය සඳහන් කරයි. 14 August 2024
නාමල් ඇප තියයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (14) පෙරවරුවේ සිදුකළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 14 August 2024
කිතුල්ගල අලුත් කරන්න යයි පින්නවල කිතුල්ගල සංචාරක කලාපය සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 August 2024
සිසු ගැටුමෙන් සිසුවෙක් රෝහලේ අම්පාර ලංගම ඩිපෝව ඉදිරිපිට බස්නැවතුම්පොල අසල දී අම්පාර නගරයේ ප්‍රධාන පාසලක සිසුවෙකුට, එම විද්‍යාලයේම සිසුන් පිරිසක් කළ පහරදීමකින් තුවාල ලැබූ සිසුවා අම්පාර මහ රෝහලට ඇතුලත්කර ඇතැයි පොලීසිය කියයි. 14 August 2024
ලක්ෂ 40 ක මත්ද්‍රව්‍ය -ජීව උණ්ඩ සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගොත අසංඛ නැමැත්තාට අයත් ගිනි අවි ගබඩාව සිය නිවසේ රහසිගතව පවත්වාගෙන යමින් මත් ද්‍රව්‍ය ජාවාරම ද සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බන්ධනාගාර මූලස්ථානයේ සැකකාර නියාමකවරයා ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එම ජාවාරමට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. 14 August 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026