
(මාතලේ රවින්ද්‍ර විරාජ් අබයසිරි)
තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප්‍රදේශවාසීන් හා ඔහු ඉගෙන ගත් පාසලේ සිසුන් අද (03) වන දින විද්‍යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ.
පහරදීමෙන් ඝාතනයට ලක්වූ පාසල් සිසුවාගේ නාලන්ද වත්ත ප්‍රදේශයේ පිහිටි නිවස අසල සිට මහනුවර යාපනේ ඒ9 මාර්ගය ඔස්සේ කිලෝමීටර් 5 ක පමණ දුරින් පිහිටි ඔහු අධ්‍යාපනය ලැබූ කවුඩුපැලැල්ල කලෙයින්මගල් විදුහල වෙත ප්‍රදේශවාසීන් 500ක් පමණ පා ගමනින් පැමිණ විද්‍යාලයේ සිසුන් සමග එක්ව ඒ9 මාර්ගය විටින් විට අවහිර කරමින් කරමින් පැයක පමණ කාලයක් විරෝධතාවයේ නිරත විය.
අමානුෂික ලෙස පහර දීඝාතනය කරන ලද වයස අවුරුදු (17) කවුඩුපැළැල්ල කලෙයි මගල් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මෝගන් යුගේස් නැමති පාසල් සිසුවෙකි.
පහර දුන් පුද්ගලයින් සඳහා නීතිය ක්‍රියාත්මක කර ඔහුගේ මරණයට සාධාරණයක් ඉෂ්ට කරන ලෙස ඉල්ලා මෙම විරෝධතාවය කලේමඟල් විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරු මමණ්ඩලය හා පාසල් සිසුන් විරෝධතාවය සඳහා එක්ව සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ රට හරක් එතකොට පාර බ්ලොත් කරලා හරියනවාද ?