ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්, 151 දෙනකු තුවාල ලැබූ බවත් ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ , ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයෙන් ප්‍රබල පිපිරීම් රැසක් අසන්න ලැබුණු බවය.
ඊශ්‍රායලයට මායිම් වන දකුණු ලෙබනනය මෙන්ම, බේරූට් අගනුවර ඩහීහ් පළාත ද ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ගේ බල ප්‍රදේශ ලෙස සැලකෙයි. ඩහීහ් පළාත ඇත්තේ ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසලය.
ගුවන් ප්‍රහාරය එල්ල කිරීමට පැය ගණනකට පෙර, ඊශ්‍රායලය, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ ජීවත් වන ලෙබනන් සිවිල් වැසියන්ට අනතුරු ඇඟවීමක් කළේ එම ප්‍රදේශයෙන් වහා ඉවත් වන ලෙස දන්වමිනි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර