පාතාලයකුගේ ගෝලයෝ ව්‍යාපාරිකයකුගේ නිවෙස උඩින් වීඩියෝ කරලා සංවිධානාත්මක අපරාධකරුවකුගේ උපදෙස් මත කඩුවෙල කොරතොට ගල් වරුසාව පාරේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසක් ඩ්‍රෝන කැමරාවක් මගින් වීඩියෝ කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි නවගමුව පොලිසිය කියයි. 06 May 2024
’’බන්ඩි’’ගන්න සල්ලි හෙට සිට යල කන්නයේ වී වගාව සඳහා බන්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) මිලදී ගැනීම සඳහා ගොවි ගිණුම් වලට හෙට(7) සිට මුදල් බැර කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 06 May 2024
සා.පෙළට ආශිර්වාද ගන්න ගිය සිසුවා මරුට සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින බලන්ගොඩ මාරතැන්න දෙතනගල දෙමළ විදුහලේ දරුවෙකු විභාගයට පෙනි සිටිමට පෙර ආශිර්වාද ලබා ගැනිම සදහා කොවිලකට ගිය අවස්ථාවේදි ක්ලාන්තය තත්ත්වයක් ඇති වී ඇඳ වැටි අද (06) දා උදැසන මියගොස් ඇතැයි පොලිසිය පැවැසිය. 06 May 2024
කුලියාපිටිය තරුණයා අතුරුදන් කළැයි කියන සැකකරුට ඇප කුලියාපිටිය කබලෑවේ සුසිත් ජයවංශ නැමති 31 හැවිරිදි තරුණයාගේ අතුරුදන්වීමට සැකකෙරෙන සුජිත් ප්‍රනාන්දු නොහොත් සිඟිති නැමති ප්‍රධාන සැකකරු අධිකරණයට බාරවීමෙන් පසු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා අද නියම කළේය. 06 May 2024
T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට චන්ග්ගෙන් සුභ පැතුම් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය එළඹෙන ජූනි මාසයේදී ඇමෙරිකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුණගැසී සුබ පැතුවාය. 06 May 2024
පෞද්ගලීකරණයෙන් ආගමන විගමන දත්ත පිටට යාම අවදානමක් ආගමන විගමන සේවා පෞද්ගලීකරණය කිරීමෙන් ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම විදේශිකයන්ගේ දත්ත තුන්වැනි පාර්ශවයකට හෙලි වීමේ අවදානමක් තිබෙන බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 06 May 2024
පරාතේ තහනම් නීතිය හෙට මැතිසබයට ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින් ප්රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී හෙට(7) විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතය. 06 May 2024
දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් පියා රිමාන්ඩ් තම බිරිඳ ගෙනැවිත් නොදුන්නොත් දරුවන් දෙදෙනා සමග අත් බෝම්බයක් පුපුරවාගෙන සියදිවි නසා ගන්නා බවට පවසමින් හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ නිවසක කාමරයක් තුළ සිට කුඩා දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගෙන සිටි පුද්ගලයකු අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 17 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (06) දින නියෝග කලාය. 06 May 2024
වීසා ගැටලුව ගැන ටිරාන්ගෙන් ප්‍රකාශයක් වීසා පහසුකම සම්බන්ධයෙන් පසුගිය දා ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද (06) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූ අවස්ථාවේදී, එය සජිවිලෙස නරඹමින් ඇමතිවරයාගෙන් ඇසියයුතු ප්‍රශ්න දිගින් දිගටම මාධ්‍යවේදියකු වෙත යොමුකළ කැබිනට් ඇමතිවරයකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි. 06 May 2024
සරසවි විධායක නිලධාරීහූ අඛණ්ඩ වැඩ වර්ජනයක විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ ගැටලුවලට ආණ්ඩුව ඇතුළු බලධාරීන් විසඳුම් නොදීමට විරෝධය දක්වමින් විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය අඛණඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වන්නිනායක මහතා අද (6) පැවසීය. 06 May 2024
උතුරුමැද පළාත් සභාව උණුසුම් වෙයි: 22ක් අත්අඩංගුවට උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඇතුළු පලාත් සභා නිලධාරීන් හා කාර්ය මණ්ඩලය පළාත් සභා ගොඩනැගිලි පරිශ්‍රය තුළ සිර කර, එහි පිට වීමේ හා ඇතුල්වීමේ දොරටුව අවහිර කර උද්ඝෝෂණයේ නිරත වූ රැකියා විරහිත උපාධිධාරීහු 22ක් අද(6) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 06 May 2024
වැඩ 11ක් කඩිනමින් ඉවර කරන්න අණ නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඇරැඹූ ව්‍යාපෘති 11ක වැඩ කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දුන්නේය. 06 May 2024
විශ්‍රාම ගිය රජයේ ලොක්කන්ට වාහන පර්මිට් විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරින් පළාත් රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ නිලධාරීන් සඳහා තීරු බදු සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර ඇත. 06 May 2024
රට යවන ශාකවලට ගාල්ලෙන් සහතික දෙන තැනක් විදෙස් රටවලට ශාක කොටස් සහ ශාක ආශ්රිත නිශ්පාදන යැවීමේ දී අවශ්‍ය කරන නිරෝධායන සහතික නිකුත් කරන මධ්‍යස්ථානයක් ගාල්ලේ දී විවෘත කෙරිණි. 06 May 2024
චීන ජනාධිපති යුරෝපා සංචාරයක් අරඹයි චීන ජනාධිපති ෂී ජින්පින් යුරෝපා සංචාරයක් ආරම්භ කරමින්, ප්‍රංශයේ පැරිස් අගනුවර බලා පැමිණියේය. චීන ජනාධිපතිවරයා මෙසේ යුරෝපා සංචාරයක් ආරම්භ කළේ වසර පහකට පසුවය. 06 May 2024
ගුවන්තොටේ කලබල කළ තරුණයා පොලීසියට කැඳවලා කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා නිකුත් කිරීම සහ ඒ සදහා මුදල් අය කර ගැනීම ඉන්දීය ග්ලෝබල් වී.එෆ්.එස්.සමාගමට පැවරීමට එරෙහිව අදහස් ප්‍රකාශ කළ නීතීඥ සදරු කුමාරසිංහ මහතා අද(06) ගුවන් තොටුපොළ පොලිසිය වෙත කැදවා තිබුණි . 06 May 2024
අල්ජසීරා ඊශ්‍රායලයේ විකාශන-මෙහෙයුම් අත්හිටුවයි ගාසා යුද්ධය අවසන් වනතෙක් අල් ජසීරා පුවත් සේවයේ ඊශ්‍රායල විකාශන කටයුතු සහ මෙහෙයුම් අත් හිටුවීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 06 May 2024
ලයිට් බිල තව අඩු කරන්න ආර්ථික කමිටුවෙන් නිර්දේශයක් විදුලිය බල මණ්ඩලය පසුගිය මාස තුනේදී රුපියල් කෝටි 8200ක ලාභයක් උපයා ඇති හෙයින් විදුලිය බිල තවත් සියයට 20කින් පමණ අඩු කරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව නිර්දේශ කරයි. 06 May 2024
රජයේ ලොක්කෝ වාහන පර්මිට් තුට්ටු දෙකට විකුණලා රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් දෙසීයකට වැඩි පිරිසක් කලකට පෙර තමන්ට රජයෙන් ලබාදී තිබූ තීරු බදු රහිත වාහන බලපත්‍රය ආර්ථික දුෂ්කරතා හේතුවෙන් රුපියල් ලක්ෂ දෙක තුනකට වාහන අලෙවිකරුවන්ට විකුණා ඇතැයි වාර්තාවේ. 06 May 2024
බිත්තර ආනයනය නැවත අරඹයි දේශීය බිත්තර මිල අඛණ්ඩව ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් බිත්තර ආනයනය කිරීමට අනුමැතිය දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 06 May 2024
හොරණ වෙඩිතැබීමට වෙඩික්කරු පැමිණි යතුරුපැදිය සොයා ගනී හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයකුට වෙඩි තැබීමට වෙඩික්කරු පැමිණි බව කියන යතුරුපැදිය හල්කොළ පාර හොරණ ප්‍රදේශයේ පාලු ස්ථානයක අතහැර දමා ගොස් තිබියදී සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 06 May 2024
අද කාලගුණය බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 May 2024
වීසා ගාස්තු වැඩි වීමෙන් අවාසි රැසක් ශ්‍රී ලංකාව සංචාරක වීසා සඳහා අයකරන ගාස්තුව ඉහළ යෑම නිසා ඉදිරියේදී මෙරට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 50 කින් පමණ අඩු වීමේ අවදානමක් ඇති බව ශ්‍රී ලංකා සංචාරක නියෝජිත ආයතන සම්මේලනය පවසයි. 06 May 2024
විස්සයි 20 ලෝක කුසලානයට අපේ කෙල්ලෝ සුදුසුකම් ලබති චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට අද (6) සමත් විය. 06 May 2024
සාමාන්‍ය පෙළ විභාගය ඇරඹේ මෙරට අනාගත පරපුරේ ප්‍රධානම විභාග කඩඉමක් වන 2023 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (6) ආරම්භ වේ. 06 May 2024
ප්‍රාණ ඇපයට ගත් දරු දෙදෙනා පැය නවයකට පසු බේරා ගැනෙති හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිය ඝාතනය සදහා ඊයේ (05) දින සවස අත් බෝම්බයක් රැගෙන පැමිණි නීත්‍යානුකූල සැමියා බව කියන පුද්ගලයකු තම කුඩා දරුවන් දෙදෙනෙකු ප්‍රාණ ඇපයට තබා ගනිමින් සිටි සිද්ධිය පොලිස් විශේෂ කාර්ය බලකායේ පැය නවයක මෙහෙයුමකින් පසු දරුවන් දෙදෙනා බේරා ගැනීමට හැකිවිය. 06 May 2024
ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වැට උඩ ශ්‍රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ ද ජපානයේ මූල්‍ය ආධාරවලින් ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බව වාර්තාවේ. 06 May 2024
මැයි රැලියට පාන් අරන් බේකරියට පොලු තියලා විරුද්ධ දේශපාලන පක්ෂයක දකුණු පළාතේ ප්‍රධාන නගරයක පැවැත්වූ මැයි දින රැලියකට රක්වාන මැතිවරණ කොට්ඨාසයෙන් සහභාගී වූ පාක්ෂිකයන්ට උදේ ආහාරයට ලබාගත් පාන් ගෙඩි 100 කට මේ දක්වා මුදල් නොදුන් බව රක්වානේ බේකරි හිමියෙක් චෝදනා කරයි. 05 May 2024
කුලියාපිටි තරුණයාගේ ලේ සහිත තවත් වෑන් රියක් මාතලේ කුලියාපිටියේ පෙම්වතියගේ නිවෙසට ගිය සුසිත් ජයවංශ නැමැති තිස් හැවිරිදි තරුණයා පැහැරගෙන අතුරුදන් කිරීමට යොදාගත් බවට සැලකෙන වෑන් රථය මාතලේ, විල්ගමුව සතිපොළ ආසන්නයේ අතහැර දමා ගොස් තිබියදී සොයාගත් බව විල්ගමුව පොලිසිය සඳහන් කරයි. 05 May 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026