
(ලලිත් නවරත්න)
ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (02) අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
අත්අඩංගුවට ගත් බීඩි කොල තොගයේ බීඩි ගෝනි 14ක බීඩි කොල කිලෝග්‍රෑම් 402ක් තිබූ බව පොලීසිය පවසයි. මෙහි වටිනාකම දළවශයෙන් රුපියල් ලක්ෂ 15 පමණ වන බව පොලීසිය පවසයි.
මෙම බීඩිකොල තොගය ඉන්දියාවේ සිට රහසිගතව මුතුපංතිය මුහුදු වෙරලට ප්‍රවාහනය කර එම වෙරලේ පාලු නිවසක තැන්පත් කරතබා සූක්ෂම ලෙස වැගන්ආර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මුතුපංතිය ආනවිලුන්දාව අතුරුමාරගයේදී අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd