
(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ මාතලේ මඩවල උල්පත නාලන්දවත්තේ පදිංචි වයස අවුරුදු (17)ක කවුඩුපැළැල්ලේ කලෙයිමගල් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මෝගන් යුගේස් නැමැති පාසල් සිසුවා බව පොලිසිය කියයි.
පදිංචි මඩවල උල්පත ආටිස්මලේ වත්ත වෙත පෙරේදා සවස 5.30ට පමණ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ගොඩවෙල බුදු මැදුර අසලදී කිසියම් පිරිසක් මෙම සිසුනට පහරදී තිබේ.
ඔවුන් එම පහර දීමෙන් හමුවේ දිව ගොස් ඇති අතර මරණයට පත් වූ මිතුරා එම ස්ථානයේ පහරකෑමට ලක්ව එම බිම වැටී සිටියදී එම ප්‍රදේශයේ පුද්ගලින් පිරිසක් විසින් ඔහු මාතලේ දිස්ත්‍රික් මහ රෝහල් වෙත ඇතුලත් කර ඇති අතර රෝහල වෙත ඇතුළත් කරන විටත් ඔහු මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
පහර කෑමෙන් දිව ගොස් දිවි බේරාගත් පාසල් සිසුවියගේ පෙම්වතා හා අනෙක් තරුණයා රෝහලේ ගතකර ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි .
අදාල සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියගේ පියා සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති අතර සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු මහවෙල පොලිසිය විසින් සිදු කරනු ලබයි. .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරැදු 17යි නේද, ගෑනියෙකුට කන්න අඳින්න දෙන්න පුලුවන්ද, ඉගෙනගන්න කාලෙ ඉගෙනගෙන තනියම හිටගන්න පුලුවන් තැනකට වරෙල්ලා ඉස්සෙල්ලම. ඉස්කෝලවල ඕවා කියලා දෙන්නේ නැති තරම්. යනවා මඟුල් හොයාගෙන. එතකල් දෙමව්පියන්ගෙන් කන්නේ.