
(අංජුල මහික වීරරත්න)
ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සලකා බැලූ එම යෝජනාව එක්සත් ජාතික පක්ෂය සමඟ සංධානගතව තරඟ කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කණ්ඩායම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ඇතුළු සෙසු පක්ෂ සමඟද සාකච්ඡා කොට අවසන් තීරණයකට එළඹීමට නියමිතව ඇතැයි ද රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.
මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ තවත් විශේෂ රැස්වීම් කිහිපයක් හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණු අතර එහිදී මෙම කරුණු සාකච්ඡා වී තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් නායකයෝ ද, ආසන සංවිධායකවරු, කළමණාකාරවරු ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු මීට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දෙකෙන් මොන කෙනෙන් ඉල්ලුවත් අපි ඔබලාව 3%ට පහළට දමනවා. පාර්ලිමේන්තුවේ වැඩිම වුණොත් 2020 වගේ ලිස්ට් එකෙන් උපරිම එක ආසනයක් ලැබේවි..! ඒකෙන් සීයාව පාර්ලිමේන්තු එවන්න. කලිසම හැලෙනවාට ලණුවකින් ගැටගහලා එවන්න අමතක කරන්න එපා...!
ගෑස් සිලින්ඩරය උඩ අලියා වාඩිවෙලා ඉන්න එක ගන්න කියමු. මේක රටේ දැවෙන ප්‍රශ්නයක්නේ...
අනිත් ලකුණු අවශ්‍ය නෑ... අලියා විතරයි.
අනේ සීයේ ගෑස් සිල්න්දරේ පස්සේ ගහගෙන ගිනි තියාගෙන ගඟේ පනින්න අපිට පාඩුවේ රටේ ජීවත් වෙන්න ඉඩඇරලා...
මම නම් කියන්නේ අලියාගේ අධෝභාගයේ ගැසූ පොහොට්ටුවේ ලකුණ වඩාත් සුදුසුයි කියලයි.
ඔයාලාට දිනන්න ඕනේ නම් පඩික්කම ලකුණෙන් තරග කරන්න. මහජනයා කතිරේ... ඒ වෙනුවට කෙළ ගහලා යාවි...
අනේ සයේ අපේ බිතරෙනුත් , පැට්‍රොල් ලිටරෙනුත් කොමිස් , බදු ගහල හම්බු කරපු සල්ලි වලින් ප්‍රාඩෝ , පොර්ශේ පැදපු සමිතල ,රෝසිලත් ,හංස මාලිලා ඒවා බාරදීලා , උන්ට ඇරපු ජෝනියල , බෝනියාලත් දැන් සෛලන්ස් වෙලා , අපේ බිත්තරේ , එළවලු රොටිය, බස් ගාස්තුවේ මිල අඩුවේගෙන යනකොට පාස්පෝර්ට් එකට වහලා හිටපු ටිරාන්, හර්ෂ ඉලුක්පිටිය යක්කු දමනය වේගෙන යනකොට පාස්පෝර්ට් එකත් අපේ අතට ලැබෙන ලකුණු පහළ වෙනකොට, සිලින්ඩර් සීයාට හෝ අලියාට කියලා ඇරව ගන්න තරම් සාගලට, අකිලට තිබෙන ජාතියේ අමාරුවක් අපට නැහැ...
අලි බෙට්ට ඔය ඔක්කෝටම වැඩිය හොඳයි... ඔබලා ඔක්කෝටම වැඩියත් හොඳයි..
අපි ඉපදුන දවසේ ඉදන් unp කාරයෝ මැදා පාර නම් අපි දෙන්නේ නැත . අපේ මුළු පවුලම දෙන්නේ මාලිමාවට ඒකෙ වෙනස දැන් හොඳට අපිට තේරෙනවා. උඹල අවුරුදු ගානක් කාපු හැටි අපිට දැන් තමා තේරෙන්නේ
මේකේ නම "එජාපය" නෙමෙයි "එපාජය" කියලා වෙනස් කරගන්න
බලයේ ඉන්නකොටම තියපු ඡන්දෙන් තුන්වෙනි තැනට අවත් "පලතුරු සීයට" තවම ලජ්ජා නැහැ , රටේ මිනිසුන්ගේ පණිවිඩේ තේරුම් ගන්න බැහැ.
සිල්වා කිව්වම ඉස්සර ජනතාව උදේ පාන්දර පිටතට දැමූ කෙළ පිඩක් තරමින් වත් සැලකුවේ නැහැ. එහෙම කලේ ඇයිද කියලා මේ සිල්වා දෙවරක්ම ඉදිරිපත් කළ අදහස් අනුව හොදින්ම පේනවා.
සන්ධානයකින් මැතිවරණයට ඉදිරිපත්වන්නේ නම් පොදු ලකුණකින් පැමිණිය යුතුවේ. අලියාගේ සලකුණින් මැතිවරණයට ඉදිරිපත්වීමට නම් පක්ෂය ශක්තිමත් කර අවම වශයෙන් ලක්ෂ 50ක් හෝ සාමජිකත්වයක් තිබිය යුතුවේ.
මොකෙන් ඉල්ලුවත් එකම ආසනයක්වත් ගන්න බෑ. එකම ආසනයක්වත් මුන් හොරු ටික ගත්තොත් දිල්ත්ටයි දෙවන පරපුරටයි ආසන 1 බැගින් ගන්න වාසනවා ලැබේවා.
මුළු රටම දැක්කා ජොලිසීයා සුඛෝපභෝගී වාහන තමන්ගේ හෙන්චයියන් අතරේ බෙදලාදීලා තිබුණු විදිහ. ලැජ්ජාවක් තියෙනවා නම් ඉතින් ආයේ දේශපාලනයට එනවද? මොන විදිහට ආවත් තැනක් ඇත්තේම නැත.
මොකෙන් අවත් කුජිත වෙලා ගිය සැරෙ 2020 ගත්ත 3% ටත් කෙලවාගෙන තමයි මැ සැරෙ චුත වෙන්නේ
කාලකන්නි දැන් ගෙදර යන්න
ඔය මොකෙන් ආවත් ,මිනිස්සු ආපහු උඹලට චන්දෙ දෙන්නේ නැහැ
අලියයි ගෑස් සිලින්ඩරයයි දෙකම පරාජයේ ලකුණු
මෙම ජනතාව ඉතිහාසයට පැමිණිය යුතුය. ඔවුන් යන්තම් යූඑන්පී යනු කුමක්දැයි දන්නේ මෙම නෝට්ටු ගැන ආර්ථිකය තුළ සැපයුම ඉල්ලන්නේ කෙසේදැයි නොදන්නේය
මෙදා සැරෙත් බඩුම තමයි .අබ සරණයි .කලින් චන්දෙ වගේ .කැට තියලා කියන්නේ සීට් 5 ට වැඩියෙන් ගන්නේ නැහැ
මේවා අනළුහ්‍ය වැඩක් නේ. ලැබෙන්නේ අන්ත පරාදයක්. ගෝලෆේස් එකට ගාල් කළ වාහනම එයට සාක්කි.
ගැලපනෙම එක තමයි ...