( කීර්ති ප්‍රනාන්දු )
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අද (02) සිය නීතිඥයින් මාර්ගයෙන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව සැකකාරියව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී .තේනබදු මහත්මිය නියෝග කළේය .
එසේම මිනුවන්ගොඩ පොලිසියට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසද මහේස්ත්‍රාත්වරිය රූපලාවන්‍යාගාරයේ හිමිකාරියට නියෝග කරනු ලැබීය .
මෙම රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය සිද්ධිය වූ ඉකුත් අගෝස්තු මස 30 දින සිට පොලිසිය සහ අධිකරණය මගහරිමින් සිටි අතර ඇයව අත්අඩංගුවට ගැනීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය දෙවරක් නියෝග කර තිබූ අතර ඇය අද (02) සවස ජනාධිපති නීතිඥ නලින් දිසානායක සහ නීතිඥ සංජීව හෙට්ටිආරච්චි යන මහත්වරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කෙනා කරාපු නිශ්පාදනය වරදක් නිසා උන දෙයක්නේ මේක. අල්ලලා හිරේ දානවට වඩා ඒ වරද නිවරදි කරගෙන ජාත්‍යන්තර මට්ටම දක්වා වැඩි දියුනු කරගන්න අවශ්‍ය පුහුනුව සහ තාක්ශනය ලබා දුන්නා නම් නරකද?