
(අංජුල මහික වීරරත්න)
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයාකි (Mizukoshi Hideaki) මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයාකි මහතා (Mizukoshi Hideaki) අතර ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවේ දී ජපාන තානාපතිවරයා මේ බව කීය.
ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබපැතුම් පිළිගැන්වූ ජපාන තානාපතිවරයා, ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට ජපාන රජය කැපවී සිටින බව ද සඳහන් කළේය.
ලංකාව සහ ජපානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් සඳහා ජපන් භාෂාව හැදෑරීමට සහ ජපානයේ රැකියා සඳහා අවස්ථා සලසා දීමට සහාය වන බවට ද ජපාන තානාපති මිසුකොෂි හිදෙයාකි මහතා ජනාධිපතිවරයා හමුවේ සහතික විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරිගතෝ ඔසයිමස් යමතේ කුදසායි. සජිත් මහත්තයා ගෙන් අනුමැතිය හම්බ උනාද
ලංකාවේ නගර කිහිපයක රජය මගින් ඉදිකර දැනට පවත්වාගෙන යන කාර්මික විද්‍යාල තිබෙනවා නමුත් මේවගේ පරිපාලනය අවුල්. විෂය නිර්දේශ 80 , 90 දශකවල ඒවා , මෙම පාඨමාලා මාස 3කට සීමාවෙලා තිබෙනවා, බොහෝවිට මේවගේ උගන්වන්නේ පොතේ දැනුම පමණි. සේවය කරන සමහර ගුරුවරු විෂය දන්නේ නැහැ. කරුණාකර පුලුවන්නම් තාවකාලිකව හෝ මේ කාර්මික විද්‍යාල වල පරිපාලනය භාර ගෙන අද කාලයට ගැලපෙන විෂය නිර්දේශයක් යටතේ ජපානයේ දැනුම අපේ රටට ලබා දෙනවා නම් එක අපට කරන ලොකු උපකාරයක්.
රනිල් මුත්තා කිව්ව ගෑස් පෝලිං, තෙල් පෝලිං කෙසේ වෙතත්, අනුර සහෝදරයා හමුවෙන්න තානාපති පෝලිමක් නං හැදිලා තියෙනවා!
දැන් සජිතුත් ජපන් පන්ති දානව කියනව නෙද?