(ගයාන් සූරියආරච්චි)
බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අභයපුර අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි උඩමළුව පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකි.
සැකකාර කොස්තාපල්වරයා ඊයේ (1) බීමතින් නිවෙසට පැමිණ අනුරාධපුර පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරියක වන ඔහුගේ බිරියට පහරදී තුවාල සිදුකර ඇති බව පොලිසිය පවසයි.
පසුව සැකකරු බිරියගේ පියාගේ පදිංචි නිවෙසට ඇතුළු වී ඔහුගේ නිවෙසේ තිබූ රුපියල් 700,000 ක් පමණ වටිනා දේපොළවලට හානි කර ඇති බව පොලිසිය කියයි.
සැකකාර කොස්තාපල්වරයාගේ බිරිය සහ මාමණ්ඩිය විසින් අනුරාධපුර පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අනුරාධපුර දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී.පී. හේවාපතිරණ මහතාගේ උපදෙස් පරිදි අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් කාරයෝ කොහොමත් වැඩිපුර ගහන්නේ අනුන්ගේ බිරිඳන්ට මිසක් තමන්ගේ බිරිඳට නොවේ...