
(සුජිත් හේවාජුලිගේ)
මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.
එම නිෂ්පාදකයන් මේ වර්ෂයේ සහ පසුගිය වර්ෂයේදී ගෙවීමට ඇති හිඟ බදු ප්‍රමාණය කෝටි 180කි.
එම කාලයට පෙර බඳු ගෙවීම පැහැර හරින සුරා බුදු නිෂ්පාදකයන්ට නඩු පැවරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය. එම නිෂ්පාදකයන්ට නැවත මත්පැන් බලපත්‍රය ලබා නොදීමටද දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
සුරාවට ගෙවීමට අපොහොසත් වූ මත්පැන් නිෂ්පාදකයෝ පිරිසක් සුරා බදු දෙපාර්තමේන්තුවට ඊයේ (2) පෙරවරුවේ කැඳවනු ලැබූහ. ඔවුනට මේ උපදෙස් දී ඇත්තේ ඒ රැස්වීමේදීය.
මේ වසරේදී උපයා ගැනීමට බලාපොරොත්තු වන ආදායම රුපියල් කෝටි 23200ක් බවත් මේ වන විට රුපියල් කෝටි 16200ක් උපයාගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය
ගිය වසරට සාපේක්ෂව එය රුපියල් 5300ක වැඩිවීමක් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ හැම සතයක්ම ‘බොන ජනතාව’ විසින් ශ්‍රී ලාංකේය මහජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් කරන ලද දායකත්වය බව නොබොන දනෝ දැනගනිත්වා...!
ලොකයෙ සැම දියුණු රටකම ප්‍රමාද වෙන බද්දට වර්ෂිකව පොලිය එකතු කරනවා.