
(අංජුල මහික වීරරත්න)
ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi Zhenhong) මහතා ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන තානාපති කී. සෙන්හොංග් මහතා අතර හමුව අද (2) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත හෘදයාංගම සුබ පැතුම් පිරිනැමූ තානාපතිවරයා, ශ්‍රී ලංකාවේ ඉදිරි කටයුතු සඳහා චීනය අඛණ්ඩව සහාය දක්වන බවත්, ශ්‍රී ලංකාව සමඟ පවතින ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කරගැනීම වෙනුවෙන් චීන රජය අඛණ්ඩව කැපවී සිටින බවත් ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මුත්තා කිව්ව ගෑස් පෝලිං, තෙල් පෝලිං කෙසේ වෙතත්, අනුර සහෝදරයා හමුවෙන්න තානාපති පෝලිමක් නං හැදිලා තියෙනවා!