
(ආරියරත්න රණබාහු)
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඊයේ (02) දින පිරී තිබිණි .
සාමාන්‍ය වැඩ කරන දිනයක් වූ ඊයේ දින මෙසේ අති විශාල පිරිසක් පැමිණීම පොත් ප්‍රකාශයකින්ගේ සංගමය ලද ජයග්‍රහණයක් බව ශ්‍රී ලංකා පොත්ප්‍රකාශකයින්ගේ සංගමයේ උප සභාපති ප්‍රදර්ශන කමිටුවේ සභාපති චන්ද්‍රා සපුතන්ත්‍රි මහතා පැවසීය ..
මෙම වසරේ විශේෂතා ගැන සඳහන් කළ ඒ මහතා ප්‍රදර්ශන කුටි සංඛ්‍යාව 430කට වැඩි විම දිවයිනේ සියලුම ප්‍රකට පොත් ප්‍රකාශකයින් සම්බන්ධ වීම,කුඩාම ළමයාගේ සිට වැඩිමහල් පුද්ගලයා දක්වා අවශ්‍ය පොත්පත් එකම තැනකින් ලබා ගැනීමට හැකි වීම ආදි කරුණු වනබවද කීය.
ඊට අමතරව දිනපතාපොත් ප්‍රදර්ශන කුටිවලදී ග්‍රන්ථ කතුවර කතුවරියන් හමුවිමට අවස්ථාව හිමිවීම නවතම කෘති එළිදැක්විම සෑම දිනකම සංස්කෘතික හා සංගිත පුසංග පැවැත්වෙන බවද හෙතෙම කීය.
මෙම ප්‍රදර්ශනය පැවති වෙනත් වසරවල සංවිධායකයින්ට නැගුණු ප්‍රධාන චෝදනාවක් වූ ප්‍රදර්ශන භූමියේ අලෙවි කරන ආහාරපානවල ට වැඩි මිලක් අයකිරිම මෙවර පාලනය කර ඇති බව කී ඒමහතා සාධාරණ මිල ගණන්වලට ආහාරපාන අලෙවි කරන ලෙස වෙළෙඳ ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර ඇති බවද සඳහන් කළේය.
කෙසේ වෙතත් දින දහයකට සීමා වෙන පොත් ප්‍රදර්ශනය ලබන 06වැනිදා අවසන් වන බැවින් ඊට පෙර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමියට පැමිණෙන ලෙසද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
මෙම පොත් ප්‍රදර්ශනයේ මුද්‍රිත මාධ්‍යය අනුග්‍රහය විජය පුවත්පත් සමාගමේ ලංකාදීප පුවත්පතේ අනුග්‍රහයෙනි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොත් කියවීමට මේ තරම් උනන්දුවක් ඇති ජනතාවක් සිටින රටක් අධ්‍යාත්මිකව හරිම පොහොසත්.ඒ ගැන ජාතියක් හැටියට අපි ආඩම්බර වෙමු.
පොතක් මුද්‍රණය කර පොත් සාප්පුවලට දෙන්න ගියාම පොත් සාප්පුවෙන් P ක් වට්ටමක් ඉල්ලනවා.. ඒ ගන්නෙත් විකුණා මුදල් දීමේ පොරොන්දුව පිට... පොත් සාප්පුව Pක අධික ලාභයක් ලබනවා මුදල් යට කිරීමකුත් නැහැ. ඒ පොත් අවුරුද්දක් පහන් වුණාම පොත් ප්‍රදර්ශනයේදී වට්ටමක් දීලා විකුණන්න. ඕකට තමයි පොත් ප්‍රදර්ශනය කියන්නේ....!