
(අංජුල මහික වීරරත්න)
කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පුරවැසියා වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට මෙතෙක් කල් පැවති සාම්ප්‍රදායික දේශපාලන පලිගැනීම් වලට මින් ඉදිරියේදී මුහුණු දීමට සිදු නොවන බවද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් , වාරිමාර්ග , ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස අද (03) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යංශයේදී වැඩ භාරගැනීමෙන් අනතුරුව අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී මේ බව සඳහන් කළේය.
කෘෂිකර්ම අමාත්‍යංශයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සමඟ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාශයට පැවරී තිබෙන කාර්යභාරය අතිමහත් වන අතර රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය අනුව දිළිඳු බව තුරන් වන්නේද නැතිද යන වග තීරණය වන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩකට නැති උගත් දෝෂ...
No Free Lunch Theorem කියල එකක් තියෙනවා Computer Science/Mathematics වල. කිසිම දෙයක් 100%ක්ම වාසිදායක වෙන්නේ නෑ. එක පැත්තකින් වාසියක් වෙනකොට වෙනත් පැත්තකින් අවාසියක් වෙනවා. ඔ්නම හොද දෙයක නරකකුත්, නරක ඔ්න දෙයක හොදකුත් ගැබ් වෙලා තියෙන බවයි සරලව කියන්නට තියෙන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. සුදෝසුදු චරිත මහපොළවේ නෑ. හිටියා නම් ඒ ආගමික නායකයන් පමණයි. ඒ අය පවා බොහෝ ගැරහුම් අවලාද ලැබුවා. අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔබතුමා නිවැරදි තීරණ ගනීවි කියලා. ඒ වගේම, නිවැරදි කියන්නේ වැරදි නැති කියල කිව්වාට, හරි දේ තමයි වැරදි අඩු කියන එක. කොයි දේත් ඒ ඒ පාර්ශ්ව වලට සාපේක්ෂව ගන්න දේවල්.
ජනාධිපති තුමනි අවශ්‍ය ප්‍රමාණයට වැඩිය තුන්ගුණයක් රජයේ සේවකයන් සිටියත් ජනතාවධි රාජ්‍ය සේවයක් ලංකාවේ නැහැ , අපි වැඩක් කරගන්න ගියහම කොපමණ රස්තියාදු වෙනවද ? පෝලිම් වල ඉන්නවද ? කොපමණ බැනුම් අහනවද අවමානෙට ලක් වෙනවද ? රාජ්‍යසේවය හදන්න නම් ඔවුන්ට ටර්ගට් දෙන්න ඕනේ , ටර්ගට් කවර කරන ආකාරය සැලකිල්ලට ගෙන වැඩිපුර ඉන්න සේවකයන්ගෙන් 50% ඉවත් කිරීමට හෝ ප්‍රතිවියුහගත කිරීමට ලක් කරන්න ඕනේ , වාහන එක තැනකට ගාල් කිරීමෙන් පමණක් රජයේ වියදම් අඩු කරගන්න බැහැ , රජයේ වියදම් අඩු නොකර ආර්ථික අගාධයෙන් ගොඩ යන්න බැහැ , අද තිබෙන්නේ අවශ්‍ය ප්‍රමණයට වැඩිය තුන්ගුණයක් රාජ්‍ය සේවකයෝ සිටියත් රියදුරු බලපත්‍රයක් , ගමන් බලපත්‍රයක්වත් නිසි ආකාරයට නිකුත් කරගන්න බැරිව අසාර්ථක වුණ , අකාර්යක්ෂම , දුෂිත , අල්ලසෙන් පිරුණු රාජ්‍ය සේවයක් බව ඔබට පිළිගන්න වෙනවා. මේකට විසදුම වැටුප් වැඩිකිරීම නොවේ, ජනාධිපති තුමනි වෘත්තීය සමිති වලට ඕනේ විදිහට නටන්න දුන්නොත් ලබන ඡන්ද වලදී ඔබලාටත් ගෙදර යන්න වෙනවා
අනුර මෙය හොද දෙයක්.ඒත් කිව යුතුයි ඔබ කී ලෙස වැඩකරන ජනතාවාදී රාජ්‍ය සේවකයෝ ලන්කාවේ නම් නෑ.ඉන්නෙ ජනතාවට ද්‍රෝහි,ජනවිරෝධී, රාජ්‍ය සේවයක්.මේ රටේ පරිහානියට වැඩිම වගකිව යුතු පිරිස අතර රාජ්‍ය සේවකයන් ඉන්නවා.අසරණ මනුස්සයෙක් රාජ්‍ය ආයතනවලට වැඩක් කරගන්න ගියාම එ මනුස්සයා රස්තියාදු කරන්න හැමදේම කරනවා.නෙම් බෝඩ් ගහගත්ත සියගණනක් ඔෆිස්වල හිටියත් මිනිස්සු රස්තියාදු වෙලා ආපහු යනවා. වැඩක් කරන විදියට වඩා නිලධාරීන් බලන්නේ නොකර ඉන්න හේතුන්.
ආර්ථික විද්‍යාවේ තියෙනවා පැරෙටෝ කාර්යක්ෂමතාවය (Pareto Efficiency) කියලා සංකල්පයක්, ඒකට අනුව ඔබතුමාට මෙය කරන්න පුළුවන් (අපෙත් රාජ්‍ය සේවකයාගේත් දෙගොල්ලන්ගේම සුබසාධනය වැඩි කරන එක) ඒ වුණාට ගැටළුව තියන්නේ ජනතාවාදී කාර්යක්ෂම රාජ්‍ය සේවකයන් හොයාගන්න එකේනේ...
ජනතාවාදී රාජ්‍ය සේවකයින් වෙනුවෙන් අනුරයි, මාලිමාවයි හොඳින්ම පෙනීසිටියේ, හෙද හෙදියන්ව ඒ ගොල්ලන්ගේ ඡන්ද රැස්වීමට නිල ඇඳුමෙන් ගෙන්න ගත්තු දවසේ...!