
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර්මාණ කර මුද්‍රණය කිරීමට ලබා දුන් පුද්ගලයා සහ ඒවා තැන් තැන්වල අලවා ප්‍රදර්ශනය කිරීමට විවිධ පුද්ගලයන් වෙත ලබා දුන් පුද්ගලයකු ද අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
ඔවුන් දෙදෙනාම කැලණිය සහ කොළඹ විශ්ව විද්‍යාලවල උපාධිධාරීන් බව පොලිසිය කියයි. සැකකරුවන් සමඟ ජංගම දුරකථන තුනක් ද පොලිස් භාරයට ගෙන ඇත.
එම පෝස්ටර් නිර්මාණය කර මුද්‍රණය කර ලබා දුන් 41 හැවිරිදි සැකකරු දෙහිවල ප්‍රදේශයේදීත් අනෙක් සැකකරු වන 27 හැවිරිදි පුද්ගලයා කැලණිය ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
ඉකුත් අගෝස්තු මස 28 වෙනිදින කොටුව දුම්රිය ස්ථානය අසල ,රේගුව ආසන්නයේ , අලුත් කඩේ මහාධිකරණය ආසන්නයේ , පැලවත්ත, බත්තරමුල්ල හා ගල්කිස්ස ආදී ජනාකීර්ණ ප්‍රදේශවල මහාධිකරණ විනිසුරුවරයාට අපහාසයක් වන පරිදි පෝස්ටර් රැසක් අලවා තිබිණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම පෝස්ටර් එකක් වදින්න එම විනිසුරු වරයා කරලා තියෙන දේ මොකද්ද දන්නෙ නෑ මන්නාරමේනෙ වැඩ කරන්නෙ .
කුමක් සම්බන්ධයෙන්ද මේ පෝස්ටර් අලවල තිබෙන්නේ , විනිසුරුවරු වරදක් කරහම ඒක විවේචනය කරන්න මිනිස්සුන්ට අයිතියක් නැද්ද ?
විනිසුරුවරුන්ව ප්‍රසිද්ධියේ පෝස්ටර් ගහලා විවේචනය කරන්න ජනතාවට අයිතියක් නැහැ .අධිකරණ කමිෂන් සභාවට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කිරීමට ජනතාවට අයිතියක් තියනවා