(පද්මසිරි ගාර්දියවසම්)
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධාරින් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ .
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට ලුණම ප්‍රදේශයේ සහ වලට ප්‍රදේශයේ පදිංචි හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවට සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් දෙදෙනාය .
ඉකුත් (01) අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ එළිමහන් වැඩ සදහා යොදවා සිටියදී රැදවියන් හතර දෙනෙකු බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් තිබූ අතර පලාගිය රැදවියන් අත්අඩංගුවට ගැනිමට ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබිණි .
අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට බාර දෙන බව තංගල්ල මූලස්ථාන පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd