IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ

(රෝෂන් තුෂාර)

රථ වාහන වරදක්  කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරදකරු කරනු ලැබූ කිරිබත්ගොඩ පොලිසියේ හිටපු පොලිස් සැරයෙන් වරයෙකුට බරපතල වැඩ සහිතව වසර දෙකක සිර දඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (04) නියම කළේය.

ජගත් අනුර කුමාර නැමැති පොලිස් සැරයන්වරයාට මෙම දඬුවම නියම කළ අතර රුපියල් දස දහසක දඩයක් හා එම දඩය නොගෙවන්නේ නම් ලිහිල් වැඩ සහිත  මාසයක සිර දඬුවමක්ද නියම කළේය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර පොලිස් සැරයන්වරයා අධිකරණයේ පෙනී සිටි අතර අදාල චෝදනාවන් දෙකට වරදකරු කරන බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එසේ නියෝග කිරීමෙන් පසුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සැකකරුට  පෙර වැරදි නොමැති වීම හා සැකකරුගේ බිරිඳ දැඩි අසනීප තත්ත්වයෙන් පසුවීම යන කරුණු පදනම් කරගෙන ලිහිල් දඬුවමක් නියම කරන ලෙසට ඉල්ලා සිටියේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙනුවෙන් එම කොමිසමේ අතිරේක නීති අධ්‍යක්ෂ උදාරි කුමාරිහාමි මහත්මිය පෙනී සිටිමින් මෙසේ පැවසුවාය.

සැකකරු පොලිස් නිලධාරියකු හා රජයේ නිලධාරියකු ලෙස කටයුතු කරමින් සිටියදී අල්ලස් අයිදිම හා ලබා ගැනීම යන වරද සිදුකරමින් අල්ලස් පණතේ 19 (ඇ) වගන්තිය උල්ලංඝනය කර ඇති බව සඳහන් කළාය.

අල්ලස දූෂණය සමාජය තුළ පිළිලයක් සේ උඩුගොස් ඇති මොහොතක එය පිටුදැකීමට සිටින නිලධාරීන් මෙලෙස ඊට අනුබලදීම යන කරුණ මත සමාජයට පණිවිඩයක් ලබා දිය හැකි පරිදි දඬුවම් නියම කරන ලෙස ඉල්ලා සිටියාය.

2010 වසරේදී මෙම අල්ලස ලබාගෙන දීර්ඝ නඩු විභාගයකින් පසුව වැරදි කරු වීම හේතුවෙන් අවුරුදු හතකට නොඅඩු රුපියල් පන්දහසකට නොවැඩි දඩයක් අල්ලස් පනත ප්‍රකාරව,එක් එක් චෝදනාවට නියම කළ හැකි බව නීතිඥවරිය පෙන්වා දුන්නාය.

උපරිම දඬුවම් සැකකරුට නියම කරන ලෙස ද ඉල්ලා සිටියාය.

එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා කරුණු දක්වමින් අල්ලස් දූෂණ විමර්ශන කොමිසම බිලියන, ට්‍රිලියන ගණන් හොරකම් කරන මහා හොරුන්ට නඩු  නොපවරා සාමාන්‍ය සුළු වරදක් කරන පුද්ගලයින් පමණක් අධිකරණවලට ඉදිරිපත් කරන බව සඳහන් කළේය.

ලොක්කන්ට නීතිය ක්‍රියාත්මක නොකර පොඩි මිනිස්සුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේ අල්ලස් කොමිසමේ  අකාර්යක්ෂම  වැඩපිළිවෙළ රජයන් පෙරළීමට පවා හේතුවූ බව  ජනාධිපති නීතිඥවරයා පැවසීය.

ඊට පිළිතුරු දුන් නීතිඥ කුමාරිහාමී මහත්මිය දාහක් ගත්තත් මිලියනයක් ගත්තත් වරද වරදම බව සඳහන් කළ අතර අල්ලස් කොමිසම මගින් ට්‍රිලියන ගණන් වංචා කළ පුද්ගලයින්ට එරෙහිව මහාධිකරණය හමුවේ පැවරූ නඩුවක විත්තිකරුවකුට අලින් ද සිල්වා මහතා පෙනී සිටින බව පෙන්වා දුන්නාය .

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දීර්ඝ නඩු විභාගයකින් පසුව සැකකරු වැරදිකරු වී ඇති හෙයින් වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඩුව ම හා දඩය නියම කළේය.



අදහස් (1)

අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ

පුරවැසියා Friday, 04 October 2024 04:55 PM

කොහොමද අපේ අල්ලස් සනා දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාවය. ලැජ්ජයි මේ අයට අපේ බදු මුදල්වලින් පඩි ගෙවනවාටත්...! 

:       3       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site